ගමෙන් නරගරයට ගිහින් ඇඟළුම් කම්හලක නතරවුණ ‘ආශා’ කාමාතුර පෙම්වතෙක් නිසා වැඩ වරද්දගත් හැටි..

“අපි දෙන්නා හුඟක් සතුටු වෙලා අඹු සැමියන් ලෙස හැසිරුණා”
“එයාට ඕන වෙලා තිබුණේ මගේ ලිංගික පහස විඳින්න විතරයි”

මිනිස්සු හරියට මෙරු වගේ දැල්වෙන නලියන ඉටිපහන් එළි සොයාගෙන තමයි තමන්ගේ පියෑඹීමේ සටන නතරකරන්නේ. ඒත් ඒ වෙනකොට ආලෝකය ඉස්සරහා තමන්ට තමන්ගේ ජීවිතයට සමුදෙන්න සිදුවෙනවා කියලා මෙරුවන් දන්නේ නැහැ.

ආලෝකය සොයාගෙන පියඹා යන මෙරු වගේම කවුලු පියන්පත් හැර ආලෝකය දකින්න පෙරුම් පුරන ජීවිතත් ඒ වගේම තමයි. ඒක ආලෝකයේ වරදක්ද ? තමන්ගේ තේරුම්ගැනීමේ සීමාවේ වරදක්ද කියලා නැවත නැවතත් සිතන්න සිදුවෙනවා.

ආශාව පසුසප හඹාගිය ජීවිත ගැන රූප භාෂාවෙන් කතාකරන තවත් ජීවිත කතාවත් ගැනයි මේ.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ “Room No 33” ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 39 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව ආශා ගැනයි.

කොළඹින් බැහැර දුර පළාතක ජීවත් වුණු ආශාට අයියලා දෙන්නෙකුයි අක්ක කෙනෙකුයි හිටියා. එයාලා විවාහ වෙලා වෙනම තමයි ජීවත් වුණේ.

ඇගේ පියා ජීවතුන් අතර නැහැ. අඟ හිඟකම් රැසක් තිබුණු මේ පවුලේ සියළු බර කරගහන්න වුනේ ඇගේ මවටයි.

ගෙවල් දොරවල් පවා උගස් කරලා ඒ මිනුස්සු හැම වෙලේම පොලි සල්ලි ඉල්ලලා නිතර නිතර කරදර කරන්නත් පටන් ගත්තා.

බලන් ඉඳලා බැරිම තැන ඇය තීරණය කළා රස්සාවක් කරන්න යන්න. ඒ තීරණයට මව කැමති නැති වුණත් ඇය තීරණය කරනවා ඇඟළුම් කම්හලක වැඩට යන්න.

ගමෙන් කොළඹට ඇවිත් රස්සාවත් හොයාගෙන බෝඩිමක නතරවෙන්නත් ඇයට සිදුවෙනවා. පසුව වැඩකරන අතරතුර නිශාන්ත කියලා තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇය පටන් ගන්නවා.

පසුව ඇඟළුම් කම්හලේ මිතුරන් සියළු දෙනා එකතුවෙලා විනෝද චාරිකාවක් යන්න හිතාගන්නවා. එහෙම ගිහින් කාටත් හොරෙන් හෝටල් කාමරයකට යන මේ දෙන්නා අඹු සැමියන් ලෙස හැසිරෙනවා.

නිතර නිතර ලිංගිකව එක්වෙන්නත් මේ දෙන්නා කටයුතු කරනවා. පසුව ආශාට දරුවෙන් ලැබෙන්න ඉද්දි නිශාන්ත මගහරින්න පටන් ගන්නවා. පසුව නිශාන්තගේ තොරතුරු හොයපු ආශාට දැනගන්න ලැබෙන්නේ ඔහු දරුවන් දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක් කියලයි. ඒ විතරක් නෙමෙයි මේ සම්බන්ධය නිසාම ඇය සමාජ රෝගයකට පවා ගොදුරු වෙනවා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

ආශාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *