පුත්තලම වෙරළබඩ ජනතාවට විශේෂ නිවේදනයක්…

ඉන්දියාවේ භාවිත කර ඉවතලන රසායනික අපද්‍රව්‍ය තොගයක් ගොඩගැසීමෙන් පුත්තලම වෙරළ අපවිත‍්‍ර වී තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ මෙම අපද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙස එම ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

පුත්තලම, පෙරියපල්ලිය, පල්ලියවත්ත, කන්දදුව යන ප‍්‍රදේශවල වෙරළ තීරයේ මෙලෙස රසායනික අපද්‍රව්‍ය ගොඩගැසී ඇති බවයි එම අධිකාරිය පැවසුවේ. මෙම රසායන අපද්‍රව්‍ය ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයෙන් බැහැර කරන්නට ඇති බවටයි සැක පළව ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *