පරක්කු වෙලා එන්නැයි පුද්ගලික බස් හිමියා ලංගම බස්රථයකට චන්ඩි පාට් දමයි – පොලු මුඟුරු අරන් ඇවිත් ලංගම රියදුරාට මරණ තර්ජනය කළ හැටි

හසලක ඩිපෝවට අයත් රංදෙනිගල සිට හසලක කොලොන්ගොඩ දක්වා උදැසන 6.00 ට දිවෙන පාසැල් බස් රථයක් ප්‍රමාද කර ධාවනය කරන ලෙස පවසා එම බස්රියෙහි රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණ තර්ජනය කර තිබෙනවා. එම මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස් රථ හිමි කරුවෙකු විසින් මිනි‍පේ 6 කණුව ප්‍රදේශයේදී මාර්ගය හරස් කර පොලු මුගුරු සහිතව පැමිණ ලංගම බස් රථයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට මෙලෙස තර්ජනය කර තිබෙනවා.

අවස්ථා ගණනකදීම මෙම පෞද්ගලික බස් රථයේ හිමිකරුවන් ලංගම බස් රථ ධාවනය වන අවස්ථාවන්හිදී මාර්ගය හරස් කර ලංගම සේවකයින්ට පහරදීමට තැත් කිරිම සහ බැන වැදිම් පිළිබද හසලක පොලිසිය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

එසේම මෙම පෞද්ගලික බස් රථ හිමිකරුවාට බස් රථ කිහිපයක් ඇති අතර ඉන් 02 ක්ම මාර්ග බලපත්‍ර රහිතව රංදෙනිගල මාර්ගයේ හිතුමතේ ධාවනය කිරීම සහ රියදුරු බලපත්‍ර සහ කොන්දොස්තර බලපත්‍ර නොමැතිව බස් රථ ධාවනය කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වනවා. කෙසේ නමුත් හසලක ලංගම ඩිපෝ නිළධාරීන් පවසන්නේ ඒ පිළිබඳව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ නිළධාරීන් අවස්ථා රැසකදී දැනුවත් කළද ඒ වෙනුවෙන් කිසිඳ ප්‍රතිචාරයක් නොමැති බවයි.

මේ අතර අදාල පුද්ගලික බස් රථයෙහි පැමිණි පිරිසක් මාර්ගය හරස්කර පොලු මුඟුරු රැගෙන ලංගම බස් රථයෙහි රියදුරුට සහ කොන්දොස්තරවරයාට තර්ජනය කරන ආකරය ලංගම බස්රථයෙහි සිටි මඟියෙකු විසින් වීඩියෝ කර සමාජ ජාලා වෙත මුදාහැර තිබුණා.

එම වීඩියෝව පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *