‘වෙන වැඩ නැතුව හිට් වෙන්න කරන වැඩ.. කුලියට ගත්ත වාහන තමන්ගේ කියලා පෙන්නුවාට මට කරන්න දෙයක් නෑ‘ – රොෂානා ඔන්ච්චිට මිලියනයක් පොල්ල තැබූ බව කියන අධ්‍යක්ෂවරයා සියල්ල හෙළි කරයි..

ජපානයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ආනයනය කරදෙන බව පවසා රංගන ශිල්පිනී රොෂානා ඔන්ඩච්චිගෛන් රුපියල් ලක්‌ෂ 10 ක මුදලක්‌ ලබාගෙන වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චිත්‍රපට අධ්‍යක්‌ෂවරයා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 20000 ක මුදල් ඇප හා රුපියල් ලක්‌ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහැර ඇතැයි වාර්තාවේ.

මෙලෙස ඇප නියම වී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි 35 හැවිරිදි චිත්‍රපට අධ්‍යක්‌ෂවරයකුටය.

පසුගිය 2017-10-28 වන දින මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි රංගන ශිල්පිනිය, තමන්ට ජපානයෙන් වාහනයක් ආනයනය කරදෙන බව පවසමින් තමන්ගෙන් වංචා සහගතව රුපියල් ලක්ෂ දහයක මුදලක් අධ්‍යක්ෂකවරයෙක් ලබාගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, එම පැමිණිල්ලට කිසිදු සාධාරණයක් නොවූ බවට බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණි.

පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝගයකට අනුව කි‍්‍රයාත්මක වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කළ පරීක්ෂණවලින් තහවුරු කරගත් කරුණු මත කොහුවල පිහිටි අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

අධ්‍යක්‍ෂ වරයාට 2016-09-21 දින එකී මුදල ලබාදී ඇති බව රංගන ශිල්පිනිය කළ පැමිණිල්ලේ සඳහන්ව ඇති අතර මාස තුනක් ඇතුළත සුඛෝපභෝගී මෝටර් රථය ලබා දෙන බවත් අධ්‍යක්‍ෂවරයා පැවැසූ බවද එම පැමිණිල්ලේ සඳහන්ව ඇත. එම මෝටර් රථය ලබාදෙන තෙක් පාවිච්චි කිරීමට පරණ මෝටර් රියක් තමන්ට ලබාදී තිබූ බවද ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මාස හතරක පමණ කාලයක් ගතවුවත් තමන්ට ලබා දෙන බව පැවැසූ මෝටර් රිය නොලැබුණ බවත්, අධ්‍යක්‍ෂවරයා විසින් ලබාදී තිබූ කාර් රථය තමන්ගෙන් බලහත්කාරයෙන් රැගෙන යාමට තැත්කළ බවත්, ඊට ටික දිනකට පසු 2017-02-17 වන දින අධ්‍යක්‍ෂවරයාගේ මිතුරෙක් පැමිණ ලබාදී තිබෙන කාර් රථය ඔහුගේ එකක් යැයි පවසමින් නැවත රැගෙන ගිය බවද රංගන ශිල්පිනිය පොලීසියට පවසා ඇත. තමන්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ දහය වෙනුවට බොරැල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මුදල් ලබාගන්නා ලෙස පවසමින් එම මුදලට සරිලන සේ 2017-06-22 දින ලබාදුන් චෙක්පතද අගරු චෙක් පතක් බවද එය ගිණුම් ගත කිරීමේදී බැංකුවෙන් පැවැසූ බව රංගන ශිල්පිනිය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවැසීය.

කෙසේ වෙතත් අතුල ඉද්දමල්ගොඩ නැමති මෙම අධ්‍යක්ෂකවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක වීඩියෝ පටයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ හුවමාරු කරගෙන තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අත්තිකාරම් මුදලක් ලබාදුන් පමණින් කිසිවෙකුවත් භාවිත කිරීමට වාහනයක් ලබා නොදෙන බවයි.

ඇගෙන් ලක්ෂ 10ක් ලබාදුන් බව සත්‍යයක් බවත්, ඇයට ඒ සඳහා කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනයකින් වාහනයක් ලබාදුන් බවත් මසකට 150 000 වන කුලියටකට ඇය මාස 9ක් පමණ එම වාහනය භාවිත කර ඇති බවත් අධ්‍යක්ෂකවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම කුලි පදනම මත භාවිත කරන වාහන තමන්ගේ ලෙස ලොවට පෙන්වූවාට ඒ සඳහා කළ හැකි කිසිවක් නොමැති බවද අදාළ අධ්‍යක්ෂකවරයා එහිදී සඳහන් කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුරටත් විමසීමට නෙත් ගොසිප් අප රංගන ශිල්පිනී රොෂානා ඔන්ඩච්චි සම්බන්ධ කර ගැනීමට කළ උත්සහායන් ව්‍යර්ථ විය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *