‘‘මාමෙ මේවට අදනම් බෙහෙත් ගැහුවේ නැහැ – තාත්තා කිවුවා එහෙම කියන්න කියන්න කියලා‘‘ පළතුරු ගන්න කඩේට ආපු අයට කුඩා දියණිය දුන් අපූරු පිළිතුර නිසා වෙච්ච දේ..

මේ වන විට වෙළඳපොළේ ඇති පළතුරු වර්ග මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් බොහෝ සැළකිලිමත් වන්නේ  ඒවා ඉක්මනින් ඉදවා ගැනීමට විවිධ රසායනික ද්‍රව්‍ය සහ හෝමෝන භාවිතා කිරීම නිරන්තරයෙන්ම සිදුවන නිසාය. කොහොම වුනත් ඒ විදියට රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් තම පළතුරු ඉදවා අළෙවිකරන වෙළඳ සැළකින් පළතුරු මිලදීගත් පුද්ගලයෙකු පසුගියදා අපූරු සිදුවීමකට මුහුණදීලා තිබුණා.

බළන්ගොඩ සිට බදුල්ල මාර්ගයේ හල්පේ දක්වා මඟ දෙපස ප්‍රදේශයේ පළතුරු වෙළඳාමේ යෙදෙන බොහෝ දෙනෙක් සිටින අතර ඉන් එක් වෙළඳ සැළකින් පළතුරු මිලදී ගැනීමට පැමිණි පිරිසක් පළතුරු තොරමින් සිටින අතරතුර එම වෙළඳ සැළට පැමිණි පුද්ගලයෙකු තමන්ට අවශ්‍ය පළතුරු තෝරාගෙන ‘මේවාට බෙහෙත් ගහලා නැහැ නේද’ යැයි විමසා තිබෙනවා. කෙසේ වෙතත් ඊට කඩ හිමි කාන්තාව පිළිතුරු ලබා දී නැහැ.

පසුව ඔහු විසින් මිළදී ගත් පළතුරු තරාදියට දමන අතරවාරයේදීද එම පුද්ගලයා විසින්  ‘‘අක්කේ මේ දවස්වල පලතුරුවලට බෙහෙත් ගහනවා. එක දවසකින් වුවත් ඉදවලා දෙනවා. මේ පලතුරුවලට බෙහෙත් ගහලා නෑ නේද‘‘  කියා විමසනවාත් සමඟම එම ස්ථානයේ සිටි වයස අවුරුදු 04 ක පමණ කුඩා දියණියක් අපූරු පිළිතුරක් ලබාදී තිබෙනවා.

එ් අනුව වෙළඳසැල් හිමිය අපහසුතාවයට පත්කරමින් කුඩා දැරිය ප්‍රකාශ කර ඇත්තේ‍ෙ ‘මාමෙ මේවට අදනම් බෙහෙත් ගැහුවේ නැහැ. ඊයේ සවස නම් තාත්තා බෙහෙත් ගහන ගමන් කවුරුහරි ඇහුවොත් බෙහෙත් ගහලා නැහැ  ගහේ ඉදිච්ච ඒවා කියලා කියන්න කිව්වා.’ යනුවෙනි.

දියණියගේ පිළිතුරෙන් කරකියාගත දෙයක් නොහැකි වූ ඇය නෑ… නෑ… මහත්තයා මේ ඒ පලතුරු නෙවෙයි. ඒවා උදේ ඉවර වුණා යැයි පවසා තිබුණා.

කෙසේ නමුත් පලතුරු මිළදී ගත් පුද්ගලයා කුඩා දියණිය ගැන සිතා පළතුරු මිළදී ගැනීම ප්‍රතික්ෂේප නොකර තමන් මිලදී ගත් පළතුරුද රැගෙන වෙළඳ සැළෙන් පිටවගොස් තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *