‘‘සමාජය ඉදිරියේ මාව වරදකරුවෙක් කරලා ඒ අය සතුටින් නිවැරදිකරුවන් විදිහට ජිවත් වෙනවා‘‘ දෙව්ශාන්ගෙන් දික්කසාද වූ උමාරියා යළි විවාහ ගිවිසගනී..

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල කාලයෙන් කාලයට පුවත් මවන ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ නැවතවරක් විවාහ ගිවිසගෙන තිබෙනවා. පසුගියදා යුරෝපා රටකදී සිය පවුලට සම්බන්ද අයෙකු සමඟ නැවත වරක් විවාහ ගිවිසගෙන ඇති අතර පවුලේ ඥාතීන් සහ සමීපතම හිතවතුන්ද විවාහ උත්සය සඳහා සහභාගී වී තිබෙනවා.

මීට පෙර උමාරියා විවාහ වී සිටියේ ගායන ශිල්පියෙකු වන දෙව්ශාන් පෙරේරා සමඟයි.

නව විවාහය සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදා තිබුනේ “Where there is love, there is life.” #newbeginnings යනුවෙන්.

මේ අතර තමන්ගේ අලුත් ජීවන ඇරඹුම සහිත සටහනත් සමඟ ඇයගේ ෆේස්බුක් පිටුවෙහි මුදු පැළඳි ඡායාරූපයක්ද එක්කර තිබුණා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උමාරියා මීට පෙර විවාහ වී සිටි ගායන ශිල්පී දෙව්ශාන් පෙරේරා ප්‍රකාශ කර තිබුනේ මෙැවැනි අදහසක්.

ලොකු කණගාටුවක් තියෙන්නේ විශ්වාස කරපු මිනිස්සු ලොකුවට බොරු කරපු නිසයි. ඒ වගේම සමාජය ඉදිරියේ මාව වරදකරුවෙක් කරලා ඒ අය සතුටින් නිවැරදිකරුවන් විදිහට ජිවත් වෙනවා. නමුත් මට මොන දේ එයා කළත් මට නින්දා අපහාස කළත් මම වැරදිකරුවෙකු කළත් එයාට ඒ ජිවිතේ සතුටක් නම් මටත් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. උමාරියා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්. අපි දික්කසාද වුණා කියලා එයාට මට මඩගහන්න වුවමනා නැහැ. මම වරදක් කරලා නැහැ කියලා පෙන්වන්න විවිධ දේ කරන්න අවශ්‍ය නැහැ. මම මේ කතා කරන්නේ එයාට මඩගහන්න නෙමෙයි. වුනු දේ කිව්වා විතරයි. එයාගේ වැරදි කියලා ඕන තරම් මට මඩගහන්න තිබුනා. මම එහෙම කලේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *