“කුමක් කියන්නදැයි නොදනිමි. එය ඉන්දියන් සාගරයේ අමුතු ඇටයයි” වසර එක හමාරකට පෙර මියගිය කලාකරුවාගේ උපන් දිනයට සුබ පැතූ අගමැතිට ඔහුගේ දියණියගෙන් සැර පිළිතුරක්..

“ලංකාව අරුම පුදුම රටකි”
දේශපාලන විවේචනයක් නොව මානුශීය ප්‍රකාශයක් බව සලකන්න

මීට වසර එකහමාරකට පමණ පෙර මියගිය කැසට් ගීත යුගයේ සහ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීන කලා ශිල්පියෙකු වූ සුනිල් විමලවීර කලාකරුවාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපන් දින සුභ පැතුමක් යැවූ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

2016 වසරේ දෙසැම්බර් මස සිය ජීවන ගමණින් සමු ගත් ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ තලාහේන පොදු සුසාන භුමියේදියි .

ඔහු ගීත ක්ෂේත්‍රයේ දශක ගණනාවක් පුරා රැඳී සිටින නිර්මාණකරුවෙක්වූ අතර කැසට් ගීත පමණක් නොව චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ඔහු ලියූ බොහෝ ගීත ජනප්‍රිය වුණා..

කෙසේ වෙතත් විමලවීර මහතාගේ උපන් දිනය යෙදී තිබෙන පසුගිය 23 වන දිනට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිදුක් නිරෝගී සුවය පතා සුභාශිංෂන එක්කර ලිපියක් යවා තිබෙනවා.

මේ සම්බන්දයෙන් සුනිල් විමලවීර මහතාගේ දියණිය අභිශේකා විමලවීර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා පවසා තිබුනේ “තාත්තා මියගොස් වසර එකහමාරකි. කුමක් කියන්නදැයි නොදනිමි. ලංකාව අරුම පුදුම රටකි” යනුවෙනුයි.

එම සටහන පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *