පෙම්වතිය කෙළෙසූ පෙම්වතාට වැඩ වරදියි…

15 හැවිරිදි බාලවයස්‌කාර යුවතියක සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇය දෙමාපිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස්‌ දූෂණය කිරීම පිළිබඳව වරද පිළිගත් තරුණයකුට බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් බරපතළ වැඩ ඇති වසර පහකට අත්හිටවූ වසර දෙකක සිරදඬුවම් නියම කරන ලදී.

අතවරයට ලක්‌වූ තරුණියට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවීමට නියම කරන ලදී.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000 දඩ නියම කරන ලදී. වරද පිළිගත් විත්තිකරු වූයේ ජා-ඇල මාකවිඩ පදිංචි රජිත අසේල සෙල්වනායගම් නමැත්තෙකි.

2015 සැප්තැම්බර් මස 18 වැනි දින මාකවිටදී බාලවයස්‌කාර තරුණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා නඟා තිබිණි.

රජයේ අධිනීතිඥ විශ්ව විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙයවිය. සැරයන් (19584) ජී. එල්. එල්. කිත්සිරි මහතා පැමිණිල්ලට සහාය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *