රුපියල බේරා ගන්න බෑ කියා ශ්‍රී ලංකා මුදල් ඒකකය ‘ඩොලරය’ කරන්න සාකච්චා……

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල ඉවත් කර ඒ වෙනුවට ඇමරිකානු ඩොලරය ශ්‍රී ලංකා ව්‍යාපාර මුදල් ඒකකය ලෙස යොදාගත යුතු බවට මුදල් අමාත්‍යංශ ඉහල නිලධාරී පිරිසක් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

සති අන්ත පුවත්පතක ඕපාදූප කොළමේ සඳහන් කර ඇත්තේ මෙම නිලධාරීන් මුදල් අමාත්‍යාංශ ඉහල නිලධාරියෙකු කොළඹ තරු හෝටලයක සූදානම් කර තිබූ සාදයකදී මෙම සාකච්ඡාව සිදුකර ඇත්තේ සුහද කතාබහක් අතරතුර විහිළුක් ලෙසින් බවයි.

තවදුරටත් රුපියල බාල්දු වීම පාලනය කළ නොහැකි තත්වයකට පත්ව ඇති නිසා මේ ආකාරයේ විසඳුමක් හැර වෙනත් විසදුමක් පෙනෙන තෙක් මානයක නැති බව ද ඔවුන් සාකච්ඡා කර ඇත.

යම් ලෙසකින් එවන් කටයුත්ක් කලහොත් ඩොලරයේ අගය වැඩිවෙද්දී එය තම හැකියාවෙන් වූ දෙයක් යයි කීමට මෙරට ලොක්කන්ට හැකි වනු ඇති බවත් ඩොලරය පහල වැටෙද්දී ඇමරිකාවට වරද පටවන්නට හැකි බවත් ඔහුන් සිනහසෙමින් සදහන් කර ඇත.

මේ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 164 සීමාවේ පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *