‘‘රෝග රැසකට ගුණ දෙන විශ්මිත පළතුර කජු‘‘ දිනකට කජු මද කිහිපයක් කෑවොත් ඔබ නිරෝගී වෙන්නේ මෙහෙමයි..

ලොකු කුඩා හැම දෙනාම වැඩි කැමැත්තක් දක්වන පළතුරක් ලෙස කජු හඳුන්වා දෙන්න පුළුවන්. මාංශමය ආහාරයක් වන කජු ව්‍යංජන ලෙස පිළියෙල කරගැනීමට මෙන්ම ආහාර රසකාරකයක් ලෙසද බොහෝ දෙනා යොදා ගන්නවා. අතුරුපසක් ලෙසද ආහාරයට ගත හැකි කජු වල රස වගේම එහි අඩංගු පෝෂණය ගුණය පිළිබඳවද අපි විමසා බැලුවා.

B12 හැර අනෙකුත් සියලුම පෝෂ්‍ය පදාර්ථ කජුවල අඩංගු වන අතර මිනිස් සිරුරට අතිශයින් ම අවශ්‍ය වන සින්ක් සහ මැග්නීසියම් වැනි සංඝටක කජුවල අන්තරගත වනවා.එසේම කජුවල කොලෙස්ටරෝල් අන්තර්ගත නිසා, එය ආහාරයට ගැනීම නුසුදුසුයැයි සිතුනද කජුවලින් කොලෙස්ටරෝල් පාලනය වන බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් කජු කොලෙස්ටරෝල් ඇති රෝගීන්ටද ඉතා ගුණදායක වන බව සඳහන් වනවා.

එසේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුවද කජු ඉතාමත් ගුණවත් පළතුරක් ලෙස හැඳින්වෙනවා. ලොව වැඩිම විටමින් ප්‍රමාණයක් අඩංගුව ඇති වස විසෙන් තොර පළතුරක් ලෙසින්ද කජු පුහුලන් සැළකෙනවා.

නියසීන්, යකඩ, මැග්නීසියම්, කොපර්, තයමීන්, විටමින් බී, විටමින් බී6, කැල්සියම්, සෙලනියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක් සහ තවත් විටමින් වර්ග රාශියක් අන්තර්ගත වන කජු ශරීරයට අත්‍යාවශ්‍ය අංශු මාත්‍රමූල ද්‍රව්‍යයද, ඔමේගා 3, පැටී ඇසිඩ්, ඔමේගා 6, මේද අම්ලයද ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ ඇමයිනෝ අම්ල 20 අධික ප්‍රමාණයක්ද කජුවල අඩංගු වන අතර එය මළ බද්ධයට ඉතා ගුණදායක බවයි සඳහන් වන්නේ.

මේ අතර ශුක්‍රාණු වර්ධනය සඳහාද කජුමද ඉතා ගුණදායක වන අතර අවුරුදු හැටට වැඩි වැඩිහිටියන් කජුමද ආහාරයට ගැනීමේදී කජුමද පහළොවකට අඩු ප්‍රමාණයක් ආහාරයට ගැනීම සිදුසු බවයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ.

කෙසේ වෙතත් කජු සමඟ මස්, මාළු වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඇතැම්විට හිසරදය, බඩ පිපුම, මත්ගතිය, උදර වේදනාව ආදිය ඇතිවිය හැකි අතර ඇතැම්විට මේ අවස්ථාවේදී රුධිර පීඩනයද තාවකාලිකව ඉහළ යාහැකි නිසා ඒ ගැන සැළකිළිමත් වීමද වැදගත් වනවා.

– විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාරගේ ලිපියක් සහ පුවත්පත් වාර්තා ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *