ජනපති මෛත්‍රීගේ අණින් ඇමති පාඨලී ඉවතට – ඒ වෙනුවට වෙනත් අමාත්‍යවරයෙක්!..

අමාත්‍ය පාඨලී චම්පික රණවක ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයෙකු ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යවස්තා මණ්ඩල නියෝජිතයා ලෙස ඇමති මහින්ද සමරසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

මෙතෙක් ජනාධිපතිවරයා ගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථා සභාව නියෝජනය කල ඇමති චම්පික රණවක මහතාගේ කාලය ඉකුත් වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් මෙම නව පත් කිරීම සිදු කර ඇත.

නව පොලිස්පති වරයකු පත් කර ගැනීම සඳහා පසුගියදා පැවති සංවාදයේදී ජනාධිපතිවරයා ගේ අදහස වී තිබුනේ ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති එස්.එම් වික්රමසිංහ පොලිස්පති ධුරයට පත්කළ යුතු බවයි.

නමුත් ජනාධිපතිවරයා නියෝජනය කරමින් ව්‍යවස්ථා සභාව නියෝජනය කළ ඇමති චම්පික රණවක සහයෝගය දක්වන ලද්දේ වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම තනතුරට පත් කිරීම සඳහාය.

ඇමති චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු වන අතර මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *