තෙවන විවාහය කරගන්නට සැරසුනු ගුරුවරයාට දෙවන විවාහයේ බිරිඳගෙන් ප්‍රහාරයක්..

කලින් විවාහ දෙකක් සිදුකරගත් ගුරුවරයෙකු සිය තෙවැනි විවාහය වවුනියාව කන්දසාමි කෝවි‍ලේ සිදුකරමින් සිටියදී දෙවැනි විවාහයේ බිරිඳ හා ඇයගේ ඥාතීන් මනමාලයා වෙත පහරදීමේ සිදුවීමක් වවුනියාව ප්‍රදේශයේදී වාර්තා විය.

පළමුව යාපනය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වි දරුවන් දෙදෙනකු සිටින තැනැත්තෙකු අදාළ පළමු විවාහයේ බිරිඳ අතහැර පැමිණ අනතුරුව කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වි ඇති අතර, අදාළ විවාහක කාන්තාවද අතහැර තෙවැනි වරට වව්නියාව කූමාන්කුලම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ (12) විවාහ වීම සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත.

අදාළ අවස්ථාවේදී දෙවැනි විවාහයේ කාන්තාව හා ඇයගේ ඥාතීන් පැමිණ අදාළ තරුණයා වෙත පහරදීම හේතුවෙන් තෙවැනි විවාහය නැවැත්වීමට සිදුවිණි.

එහිදී දෙවැනි විවාහයේ කාන්තාව කියා ඇත්තේ

“මේ ඉන්නේ මගේ මහත්තයා.මෙයා මීට පෙර යාපනය ප්‍රදේශයේ කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියා. ඒ විවාහයේ කාන්තාව එක්ක අවුරුදු හතරක් ඉදලා ළමයි දෙන්නෙක් එක්ක ඒ කාන්තාව තනි කරලා ඇවිත් මාව කසාද බැද ගත්තා මාව කසාද බැදලා අවුරුදු දෙකක් විතර ඉදලා දැන් මාවත් අතහැරලා ඇවිල්ලා තවත් කාන්තාවක් එක්ක විවාහ වෙන්න සුදානම් වෙනවා මම විවාහ වුණාට පස්සේ මගෙන් දෑවද්දකුත් අරගත්තා දැන් මාව අතහැරලා ඇවිල්ලා වෙන කාන්තාවගෙන් දෑවැද්ද අරගෙන මගුල් කන්න සුදානම මේ ගැන මමත් පළමු විවාහයේ බිරිඳත් පොලීසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ,

එම කාන්තාවගේ ප්‍රකාශයත් සමග තෙවැනි විවාහය තෙවැනි විවාහ චාරිත්‍ර නවතා එම ගුරුවරයා විවාහ ශාලාවෙන් එළියට පැමිණි අතර, එහිදි අදාළ පුද්ගලයා වෙත දෙවැනි විවාහයේ බිරිද හා ඇයගේ ඥාතීන් පහරදීම සිදුකළහ.

මේ හේතුවෙන් ගුරුවරයාට තෙවැනි විවාහය සිදු කරගැනීමට නොහැකි විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *