නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මධුෂ් හා එකතුව ජනපති ඝාතන සැලසුමක් ?

පසුගියදා රටතුල විශේෂ පුවත් කිහිපයක් පැතිර ගියේය. ඉන් එකක් වනුයේ රටේ නම ගිය පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ පියාගේ අවමගුල සහ එයට අදාලව අවමංගල්‍ය කටයුතු ඉහලම වියදමකින් සිදුකිරීමයි. දෙවැන්න වනුයේ පාතාල සාමාජිකයෙකු ලවා ජනපති ඝාතන කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කිරීම තිබෙන බව රාජ්‍ය බුද්ධි අංශ සොයා ගැනීමයි. මේ සිද්ධීන් දෙකට අදාලව පුවත් විමර්ෂණය කිරීමේදී මේ සිද්ධීන් දෙකම එකට පෑහෙන පුවතක් අන්තර්ගතව ඇති බව පෙනෙන්නට තිබේ.

එනම් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට සහභාගී වීමයි. නිරෝෂන් ප්‍රේමරත්න යනු එකවර මහා ධන නිධානයක් හිසමත කඩා වැටුනු පුද්ගලයෙකි. මුදල් නොමැති බව නිසා සාමාන්‍ය කසිකබල් කාර් රථයකින් ගමන් බිමන් ගිය ඔහු එකවරම තලවතුගොඩ – හෝකන්දර පාරේ ඉඩමක් මිලදී ගෙන TRENDY නමින් සුවිසල් සුපිරි වෙළඳ සැලක් ආරම්භ කලේය. මේසා මුදලක් වියදම් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නට හැකියාවක් ලැබුනේ කෙසේදැයි සැකයක් පවතී.

රුපියල් කෝටි 8 කට ආසන්න වියදමක් දරමින් විවෘතකල සුපිරි වෙලඳසැල හට මුදල් වියදම් කර ඇත්තේ මාකඳුරේ මධුෂ්ය යැයි සැකයක් පවතී. ඒ දේශපාලන රැකවරණ සන්තෝසමක් වශයෙන්ද යන්න සැකයට තුඩුදෙන කාරණයකි. දේශපාලන අධිකාරියේ සිටින ඔහුගේ හෙංචයියා නිරෝෂන් ප්‍රේමරත්නද යන්න සැකයක් පවතී. නිරෝෂන් ප්‍රේමරත්න මධුෂ් නමගිය පාතාල අපරාධකරුවෙකු බව දැන දැන එම මලගෙදර සඳහා සහභාගී වීම ප්‍රදේශයේ ජනතාවටද ඉමහත් කුකුසක් උපදවන පුවතක් වී ඇත. නිරෝෂන් ප්‍රේමරත්න නැමති පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳ ප්‍රචාරණ ආයතනය හා වෙබ් පිටුද අක්‍රිය තත්වයේ පවතින බැවින් මෙම මුදල් උපයාගැනීම පිළිබඳව තව තවත් විමර්ශණය කල යුතු අතර, ජනපතිවරයා ඝාතන සැලසුමක් පිළිබඳව මේ දිනවල පැතිර යන පුවත සමග නිරෝෂන් ප්‍රේමරත්න හා මාකඳුරේ මදුෂ් අතර පවතින ගනුදෙනුව සම්බන්දයක් ඇති බවට සැකයක් පවතී.

කෙසේ නමුත් මීට ඉහතදීද මාකඳුරේ මධුෂ් විසින් ලංකාව තුල සිදුකල කප්පම් ගැනීම් හා පුද්ගල ඝාතන සිද්ධි සඳහා දේශපාලන රැකවරණ සැපයූවන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න බවටද සැකයක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *