71 කැරැල්‍ලේ ලොකුම බිල්ල කතරගම රූමතිය !..

ලංකා මාතාවට නිදහස ලැබි වසරක් ගතවෙමින් පැවතියේ හුදු මහත් ජනතාවම ඒ පිළිබඳව කතා කරමින් සිටින අතරතුරදීය. ලාංකීය ඉතිහාසය තුළ විශේෂයෙන්ම කතාබහට ලක් වූ සුරූපී කාන්තාවන්ගෙන් සුරූපී නිළි රුක්මණී දේවියට අමතරව සුරූපිණියක් වූයේ නම් ඒ අන් කවරකුත් නොව ප්‍රේමවතී මනම්පේරි යන තරුණියයි. වර්ෂ 1949දී උපත ලද ඇය දස දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය විය.

කුඩා කල පටන් බොහෝ පිරිසකගේ අවධානය ඇය වෙතට යොමුවන්නට වූයේ ඇයගේ රූ සපුව හා වඩාත් ප්‍රියමනාප පෙනුම නිසා යැයි කිවහොත් එය වඩාත් නිවැරදිය. ඇය සිය පවුලෙහි වැඩිමහල් දරුවා වීමේ වගකීම ඉතා මැනවින් කරට ගෙන සිටියාය. තවත් සුවිශේෂත්වයක් වන්නේ ඇයගේ උපත ශුද්ධ වූ කතරගම දෙවියන්ගේ අඩවියක් වන කතරගම ප්‍රදේශයේදී සිදුවීමයි. එවන් වූ පුරවරයක ඇයගේ අවසානයද අවාසනාවන්ත ලෙස සිදුවේ යැයි ඇයද සිහිනෙනුදු සිතන්නට නැත.

කමෛන් කමෛන් කාලය ගතවෙමින් තිබිණි. කාලයත් සමගම ප්‍රේමවතී මනම්පේරි තරුණිය සිය ළමා කාලය අවසන් කොට තරුණ වියට එළැඹෙමින් සිටියාය. මේ අතරතුර කාලය ඇයගේ නිවසෙහි ජීවත් වූ සිය පවු‍ලේ අනෙකුත් සාමාජිකයන්ටද ඇයගෙන් ඉටුවිය යුතු යුතුකම් මැනවින් ඉටු කිරීමට ඇය නිතරම වග බලා ගත්තේ සිය චරිතය තුළ ගැබ්ව තිබූ මව්වත්කම මනාව පිළිබිඹු කරමින්ය. මෙම කාලය තුළ ලාංකික ගම්බද පවුල් තුළ විශාල සාමාජිකයන් සංඛ්‍යාවක් දැකිය හැකි වූ අතර අද සමාජයෙහි මෙන් ආර්ථික පසුබිම මත දරුවන් සෑදීම සීමා කිරීමට ඔවුන් කිසි විටෙකත් උත්සාහ නොදැරූහ. මෙකල දෙමාපියන්ගේ ආර්ථික අපහසුතා බොහෝ විට වැඩිමහල් දරුවන් විසින් කරට ගෙන සිය පවුල් වෙත ආර්ථික වශයෙන් සහනයක් ලබාදීමට කටයුතු කිරීම බෙහෙවින්ම දැකිය හැකි විය. මෙම ක්‍රමය ප්‍රේමවතී තරුණියගේ පවුලටද ‍පොදු විය. මේ අතර තම පවුලට පමණක් සොය සිය ඉපදුණු ගමට මෙන්ම ප්‍රදේශයටද මනා පිටිවහලක් වෙමින් ගමේ දහම් පාසලෙහි දහම් ගුරුවරියක ලෙසටද ඇය සේවය කළාය. මෙම සේවයද ඇයට බෙහෙවින් ගැළපෙන්නක් වූයේ ඇයගේ චරිතයෙහි වූ ආදර්ශවත් බව නිසා යැයි කිවහොත් වඩාත් නිවැරදිය.

ගමේ කා අතරත් හිත හොඳ චරිතයක් වූ ප්‍රේමවතී තරුණිය පිළිබඳව දැන සිටියේ ඇයගේ ගමේ ජීවත් වූ පිරිස පමණක් නොව මුළු කතරගම ප්‍රදේශයේම ජීවත් වූ බොහෝ පිරිසක් යැයි කීම නිවැරදිය. ඇයගේ ජනප්‍රියත්වයට හේතුවූයේ ඇයගේ රූප සොබාවම පමණක් නොව ඇයගේ ආදර්ශවත් දිවි පවෛත හා චරිතයද එයට බලපෑ බැවිනි. එකල ජීවත් වූ සමාජය තුළ ඉහත කාරණා සියල්ල අදාළ කරගත හැකි චරිත ජීවත් වූයේ නම් එය ඉතා අතලොස්සකි.

ප්‍රේමවතී මනම්පේරි තරුණිය තුළ සිය උත්පත්තියෙන් ලද රූප ස්වභාවය පිළිබඳ තිබුණේ නිරහංකාර වූ අභිමානයකි. සෑම විටම ඇයගේ රූප ස්වභාවය පිළිබඳවද ඇය යම් සැලකිල්ලක් දැක්වූයේ නැතුවම නොවේ. ඇයගේ මව වූ ලීලාවතී අබේසිංහ මහත්මියටද සිය වැඩිමහල් දියණිය වූ ප්‍රේමවතීගේ උපකාරය අනෙක් දරුවන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් මහත් වූ පිටිවහලක් විය. ප්‍රේමවතී තරුණියගේ පියා වූ හෙන්ද්‍රික් මනම්පේරි සිය රාජකාරි කළ වනජීවී දෙපාර්තමේන්තුවෙහි කටයුතු සමග කාර්යබහුල වී සිටියේ සිය දරුවන්ගේ අභිවෘද්ධිය සැලසීම ඔහුගේ සිතෙහි නිරන්තරයෙන්ම තිබූ නිසාය.

මෙලෙස කාලය ගතවත්ම රටෙහි තත්ත්වය නම් එතරම් සතුටුදායක නොවීය. නිදහසින් පසු එළැඹි රජයන් තුළින් සිය බලා‍පොරොත්තු වූ කාරණා ඉටු නොවූ තැන රට පුරා සිටි තරුණ පිරිස් කුඩා කණ්ඩායම් ලෙස කල්ලි ගැසෙමින් සිය ඉල්ලීම් වෙනුවෙන් අරගල කරන්නට විය. මෙම අරගල මෙහෙයවීමේ ප්‍රධානත්වය ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන තිබුණේ බොහෝ රැඩිකල් මතධාරීන් හා තරුණ අදහස්වලට වැඩි ඉඩක් එම පක්ෂය විසින් ලබාදී තිබූ නිසා යැයි එකල බොහෝ පිරිස් විශ්වාස කළහ.

මෙලෙස පැවති අරගලයන් හෝ විරෝධතාවලදී හමුදා නිලධාරීන් හා ‍පොලිස් නිලධාරීන් හටද මැදිහත් වන්නට වූයේ එම අරගල බොහෝ විට එදිනෙදා ජන ජීවිතය බිඳ වැටෙන අයුරින් සිදුකිරීම තුළය. මෙම තරුණ පිරිස් බොහෝවිට ‍පොලිස් හා හමුදා නිලධාරීන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම තුළ එකල සිටි නිලධාරීන්ද මෙම පිරිස් සමග වෛරයෙන් පසුවූ බව නොරහසකි. මෙම තරුණ පිරිස් හට බොහෝ විට යම් යම් ස්ථානවලදී රැස්වීම් හෝ උසිගැන්වීමේ පන්ති පවත්වමින් වාමාංශික දේශපාලනය පිළිබඳව වූ දැනුම ලබාදුන්නේ යැයි කියැවේ. මෙම කාරණය මතම ප්‍රේමවතී තරුණිය වැනි වූ තරුණ කොටස්වල ආකර්ෂණය ජනතා විමුක්ති පෙරමුණ වෙත නිතැතින්ම හිමිවිය. මෙම ආකර්ෂණයම සිය ජීවිතයේ අවසානයට හේතුවේ යැයි ඇය සිහිනෙකින්වත් සිතන්නට නැත.

1971 වර්ෂය ලාංකීය දේශපාලන ඉතිහාසයෙහි නොමැකෙන වර්ෂයක් ලෙස සටහන් වූයේ අන් කිසිවක් නිසා නොව 1971 කැරැල්ල ඇති වූ වර්ෂය නිසාවෙනි. මෙම කාලය අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමය විය. මෙම කැරැල්ල මෙහෙයවීමේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ බව බෙහෙවින් ප්‍රකට කාරණයකි. 1971 අප්‍රේල් මස 05 වැනි දින ඇරඹි මෙම කැරැල්ල 1971 වර්ෂයේ ජුනි මස දක්වා පැවතුණු කාල පරිච්ජේදය තුළ බොහෝ ප්‍රදේශ කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබුණි. මෙම කාල වකවානුව තුළ කතරගම ප්‍රදේශයද කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතුවී තිබුණු තවත් ප්‍රදේශයක් විය.

මෙම කාල පරිච්ජේදය තුළ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටත් 1971 මාර්තු 16 වැනි දින එවකට සිටි රජය විසින් පියවර ගෙන තිබුණි. මෙම තත්ත්වයට මුහුණදීමට ත්‍රිවිධ හමුදාව කැඳවීමට 1971 මාර්තු 07 වැනි දින අගමැතිනිය විසින් පියවර ගනු ලැබූයේ මහජන ආරක්ෂාව සම්බන්ධ පනතෙහි 12 (1) වගන්තිය අනුගමනය කරමිනි.

මෙය මැඬලීම සඳහා ඒ අවස්ථාවේදී ගතහැකි සුදුසුම පියවර වන බව මේ වන විට බොහෝ පිරිසකට තේරුම් ගොස් තිබිණ. මේ කාලය තුළ ප්‍රේමවතී තරුණිය සිය රූ සපුව හේතුවෙන් කතරගම බක්මහ අවුරුදු කුමරිය ලෙසද කිරුළු පැලඳීය. මෙම අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

ගුණසිරි හෝටලය යනු එකල කතරගම ප්‍රදේශයෙහි කා අතරත් ජනප්‍රිය ස්ථානයක් විය. මෙම හෝටලය ඉදිරිපිට පැවති අවුරුදු කුමරිය තේරීමේ තරගයට ප්‍රේමවතීද ඉදිරිපත් වූයේ සියලුම දෙනාගේ අවධානය දිනා ගනිමින්ය. මේ අතර කතරගම ‍පොලිස් ස්ථානාධිපතිවරයාද විය. මෙහිදී සියලු දෙනාම බලා‍පොරොත්තු වූ පරිදි කතරගම බක්මහ උළෙලෙහි කුමරිය වීමේ භාග්‍යය ඇය විසින් නිතැතින්ම හිමිකර ගත්තාය. මෙලෙස හිමි වූ අවුරුදු කුමරිය වීමේ ප්‍රීතිය මැකී යන්නට මත්තෙන් ප්‍රේමවතී තරුණියගේ ජීවිතයෙහි අවසානය සනිටුහන් වේ යැයි ඇයගේ කිරුළු පැලඳීම දුටු කිසිවකු විශ්වාස කරන්නට නැත.
1971 වර්ෂයේ කැරලිකරුවන්ගෙන් කතරගම ප්‍රදේශය බේරාගැනීම සඳහා පිටත්ව ගිය හමුදා නිලධාරීන් අතර 3 වැනි ගැමුණු බළකායට අයත් ලුතිනන් ඒ. විජේසූරිය හා ස්වේච්ඡා භට නිලධාරියකු වූ අමරදාස රත්නායකද විය. ඔවුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් හා අනෙකුත් නිලධාරීන් විසින් වහාම කතරගම නගරය මුදා ගැනීමත් සමගම මෙම සිදුවීමට අදාළ පිරිස් හා සහාය දුන් පිරිස් සොයමින් නිලධාරීන් විසින් කතරගම ප්‍රදේශය පීරන්නට විය. එහිදී කිහිප දෙනකු අත්අඩංගුවට පත්වූ අතර මේ අතර කතරගම රූමතිය ලෙස කිරුළු පැලඳි ප්‍රේමවතී තරුණියද වීම සියල්ලන්ගේ විමතියට හේතු විය.

මේ පිළිබඳව කන වැකුණු බොහෝ පිරිස් විමතිය හා ශෝකය පළ කරන්නට වූයේ මෙය ඔවුන් බලා‍පොරොත්තුවෙන් නොසිටි දෙයක් නිසාවෙනි.

ප්‍රේමවතී තරුණියද මේ පිළිබඳව කලබලයට හා තැතිගැන්මට පත්ව සිටින්නට ඇත. බොහෝ පිරිස් මේ පිළිබඳව එවකට කතරගම ‍පොලිස් ස්ථානාධිපතිවරයා හටද චෝදනා එල්ල කරන්නට විය. බොහෝ පිරිස් විශ්වාස කළ පරිදි ‍පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන එනු ලැබූ යෝජනාවට නිසි පිළිතුරක් නොලැබුණු නිසා මෙම සිද්ධිය පසුපස ඔහුද සිටින බවට ප්‍රදේශයෙහි සිටි සමහර පිරිස් විශ්වාස කරන්නට වූහ.

මෙයට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් අසන්නට ලැබුණේ ප්‍රේමවතී ඇතුළු තරුණියන් කිහිප දෙනකු විසින් මෙම කැරලිකරුවන්ට අවශ්‍ය බෑග් වැනි දේවල් මසා දීමට ඉදිරිපත් වී සිටි බවටයි. මීට අමතරව ඇය විසින් පන්සලෙහි කැරලි කණ්ඩායම්වලට අනුබල දෙන ආකාරයේ පන්ති පවත්වා ඇති බවටත් චෝදනා එල්ල විය.
මෙම කතාබහ අතරතුර අත්අඩංගුවට ගැනුණු රූමතියගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණු අතර මුළු රාත්‍රිය පුරාම ඇයගෙන් ප්‍රශ්න කිරීම පැවති අතර එහිදී ඇය කෲර අමානුෂික ලෙස වධහිංසාවලට ලක්වූ බව කියැවේ.

මියයන විට විසි දෙහැවිරිදි වියේ පසු වූ ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ ජීවිතයෙහි අවසන් හෝරා කිහිපය පිළිබඳව පැවසීමට හොඳම පුද්ගලයා වනුයේ එවකට යාල වනෝද්‍යානයේ වැඩ භාරගැනීමට යන අතරතුර කතරගම ‍පොලිසිය වෙත ගිය ඩෙස්මන් වයිට් යන වනජීවී භාර නිලධාරියාය. ෙදෙවයේ සරදමට මෙන් ප්‍රේමවතී තරුණියගේ පියාද එවකට ඔහු යටතේ වැඩ කොට තිබූ අයකු විය.

මෙම ප්‍රශ්න කිරීම් එවකට තිබුණ කලබලකාරී වාතාවරණය තුළ ඉතා සාමකාමී නොවන්නට නම් ඇත. අත්අඩංගුවට පත්වූ පසු දින උදෑසන ප්‍රේමවතී තරුණිය නිරුවතින් කතරගම නගර මධ්‍යයේ ඇවිදිනු එකල බොහෝ පිරිසක් බලා සිටියේ භීතිය මුසුවුණු කෝපයකින් හා ශෝකයෙනි. මෙලෙස නිරුවතින් ඇවිද්දවන ලද ප්‍රේමවතී හට ඉතා දරුණු ලෙස පහරදීම්ද සිදුකළ බව එකල මෙම සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. මෙම පහරදීම් සියල්ල හා අවමානයට ලක් කිරීම ඇය විසින් දරා සිටින්නට ඇත්තේ මෙම සියල්ල සිදුවන විට තම ප්‍රදේශයේ ජීවත් වූ ඥාතීන් අසල්වාසීන් හා තමන් එදිනෙදා ජීවිතයේදී ඇසුරු කළ පුද්ගලයන් ඉදිරිපිට මෙලෙස හැසිරීමට සිදුවීමෙන් ඇතිවූ කම්පනය හා ලැජ්ජාව ඊටත් වඩා බලවත් වූ බැවින් යැයි සිතිය හැක. එකල සමාජය තුළ තමාගේ ශරීරය මඳක් හෝ පෙනෙන ලෙසට ඇඳුමක් ඇන්දේ නම් ඒ ග්‍රාමීයව ජීවත් වූ ජනතාව නම් නොවේ. ඔවුන් ඉතා තද අව්වේ පවා වැඩ‍පොළවල නියැළෙද්දී මුළු ශරීරයම වැසෙන ආකාරයෙන් ඇඳුම් පැලඳුම් ඇඳීමට පුරුදුව සිටියේ එම සමාජය තුළ තිබුණු සංස්කෘතික සහ සංවර පරිසරය තුළය. එවන් වූ ශික්ෂණයකින් යුතු පිරිසක් ජීවත් වූ තමාගේම ප්‍රදේශවාසීන් ඉදිරියේ මෙලෙස නිරුවතින් ගමන් කරන්නට සිදුවීම ඇයට මහත් වූ ශෝකයක් ගෙන දුන් බව නම් නොඅනුමානය.

– රිවිර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *