6 හැවිරිදි පුංචි දෝණිට චොකලට් එකක් දී කාමාශාව සංසිඳුවා ගන්න හැදූ මහල්ලා…

6 හැවිරිදි පුංචි දැරියකට අතවර කළ මහලු තැනැත්තෙකු අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය විසින් පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

කොටදෙනියාව සිට අනුරාධපුර වන්දනාවේ යන ගමන් තඹුත්තේගම තම සහෝදරයකුගේ දුවකගේ නිවසට පැමිණ දුවගේ දැරියට චොකලට්‌ එකක්‌ ලබාදී මව සහ කිරි අම්මා නැති අවස්‌ථාවේදී මෙම දැරියට ලිංගික අතවර සිදු කොට තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මහලු අය වන්දනාව සඳහා නිවසින් පිටව ගොස්‌ සිටියදී දැරියගේ මව නිවසට පැමිණි පසුව මහල්ලා සිදු කළ දෙය දැරිය තම මවට දැනුම් දීමෙන් පසුව මෙම දැරිය තඹුත්තේගම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබෙනවා.

පසුව රෝහල මගින් පොලිස්‌ මුරපළට දැන්වීමෙන් පසුව පොලිස්‌ පරීක්‌ෂණ අරඹා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *