AUTO වාහන හිමි ඔබ කවදාවත් මේ දේවල් 10 නම් කරන්න එපා..

ඇත්තටම අද වෙද්දි තාක්ෂණය අලුත් වන්න අලුත් වන්න නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර වලත් පෙර තිබුණට වඩා අලුත් හා වෙනස් ලක්ෂණ මෙන්ම නව මාදිලියෙ ක්‍රියාකාරකම් පවා දැක ගන්න පුළුවන්. විශේෂයෙන් දැන් වෙළද පොළට එන යාහන වහාන වල පවා අලුත් අලුත් නව තාක්ෂණ උපක්‍රම මාදිලි අන්තර්ගත වෙනවා. ඒ අතර ආරක්ෂිත ලක්ෂණ හා නොයෙක් විධාන මෙන්ම ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යන පරිගණක උපාංග පවා අලුතෙන් වෙළද පොළට එන ස්වයං යාන්ත්‍රික මෝටර් රථ වලට අන්තර්ගත වී තිබෙනවා.
ඉතින් අද අපි මේ කියන්න යන්නෙ. ස්වයං යාන්ත්‍රික මෝටර් රථ හිමි ඔබ ඔබේ මෝටර් රථයට නොකළ යුතු කරුණු කිහිපයක්.

1. රිය පදවන අතරතුර “ Engine Start Stop” බටනය ප්‍රෙස් නොකරන්න

සාමාන්‍යයෙන් වෙනත් වාහාන වල ගමන් කරන විට යම් වේගයකින් වහානය පැදවීමේදි අනතුරක සේයාවක් ඇතිනම් වහානය තමන් විසින්ම නවත්වා ගත යුතුය.නමුත් දැන් වෙළද පොළේ තිබෙන ස්වයං යාන්ත්‍රික මෝටර් රථ බොහෝ ආරක්ෂණ විශේෂාංග රැසක් සහිතව නිෂ්පාදනය වී ඇති අතර හදිසියේ රිය පදවන අතරතුර වාහානය නැවතීමට අවශ්‍ය නම් කිසිසේත් එහි තිබෙන “ Engine Start Stop” බටනය ප්‍රෙස් නොකරන්න.

2. රිය පැදවීම අතරතුරදී එකවර රිවස් බටනය ප්‍රෙස් නොකරන්න

රිය පදවන අතරතුර ආපස්සට වහානය හැරවීම සදහා වූ විධානය ලබා දෙන රිවස් බටනය කිසි විටකත් ප්‍රෙස් නොකරන්න. එම අඥාව ලබා දුන්නද ඇතැම් විට එය එසේම සිදු නොවිය හැකි බැවින් මේ පිළිබද සැලකිලිමත් වන්න.

3. රිය පදවන අතරතුර P සලකුණ මගින් පෙන්නුම් කරන පාර්ක් නැමති බටනය තෝරා නොගන්න.

ස්වයං යාන්ත්‍රික මෝටර් රථ වල මෙම විධානය සහිත බටන් එකක් තිබුණද කිසිවිටෙකත් එය ලබා නොදීමට වග බලා ගන්න. එය මෝටර් රථයේ ආරක්ෂිත හේතුන් මත ලබා දී තිබුණද මෙම විධානය අවහිර කිරීම මගින් ඔබේ මෝටර් රථයට හානි සිදු වීමට පුළුවන.

4. මෝටර් රථයේ ඉග්නිෂන් යතුරට තවත් යතුරු ඇමිණීමෙන් වලකින්න.

ඉග්නිෂන් යතුරට තවත් යතුරු එක් කිරීම තුලින් ඔබගේ ඉගටියේ ස්විචයට හානි සිදුවීමට ඉඩ ඇති අතර එම නිසා මෝටර් රථයේ යතුර අනෙත් යතුරු සමග නිරන්තරයෙන් වෙනම තබා ගන්න.

5. ඔයිල් මාරු කිරීමට වග බලා ගන්න

විශේෂයෙන් අලුත් මෝටර් රථවල කිලෝමීටර 1000ක වාර ගමනෙන් පසු එහි ලිහිසි තෙල් මාරු කිරීම සිදු විය යුතුය. නැතිනම් එමගින් මෝටර් රථයට හානි සිදු විය හැකිය.

6. තිබෙන එන්ජිම වැඩි දියුණු නොකරන්න

සෑම විටම එන්ජිම සම්පූර්ණ ලක්ෂය පෙන්නුම් කරන විට එයට වතුර එක් කිරීම සිදු නොකරන්න. එසේ වුවහොත් නිරන්තරයෙන් මෝටර් රථය දුම් බදුනක් බවට පත් වේ.

7. ඉන්ධන ටැංකිය හිස්වන තුරුම සිටීමෙන් වැලකෙන්න.

පිරිසිදුම තෙල් වුවත් සමහර අවස්ථා වල එහි කුඩා අංශු ටැංකිය තුල තැන්පත් වේ. මෙහිදි එම අංශු තැන්පත් වීම වැලැක් වීමට නම් ටැංකියේ තෙල් මට්ටම හතරෙන් එකක් වූ විට ඉන්ධන පිරවීම සිදු කරන්න.

8. අනතුරු හැගවීමේ සංඥා නොසලකා නොහරින්න

මෝටර් රථයේ අනතුරු හැගවීමේ සංඥා නිල්. කොළ, කහ,හා රතු පාටින් පෙන්වන අතර වාහානය පදවන විට යම් හෙයින් රතු වර්ණයෙන් අනතුරු සංඥා හැගවේ නම් එයින් කියවෙන්නේ වහානය පැදවීමේ සාමාන්‍ය තත්වයේ නොමැති බවත් එය බලා එයට විසදුම් දෙන බවත්ය. එම නිසා එවැනි අවස්ථා වල ඒවා නොසලකා හැර අනාරක්ෂිත නොවන්න

9. ටයර් පරික්ෂාව

රිය ධාවනයට පෙර නිරන්තරයෙන් ටයර් පරික්ෂා කළ යුතුය. පීඩනය, පැතලි බව, පරික්ෂාකොට නිතරම අමතර ටයරයක් තබා ගත යුතුය. එය ඔබටත් මෝටර් රථයටත් ආරක්ෂිත උපායකි.

10. රෝද වල සමතුලිත බව පරික්ෂාව

දවස් දෙක තුනකට වරක් වත් මෝටර් රථයේ රෝද වල සමතුලිත බව පරික්ෂා කල යුතු අතර ඔබ කදු ආශ්‍රිත ගමන් බිමන් යන්නේ නම් එහි පිට වීමට පෙර අනිවාර්යෙන් මෙය පරික්ෂා කිරීම වැදගත්ය. එය සියලුම දෙනාගේ ආරක්ෂාවට හොද මගකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *