කුඩු ලොකු අම්මා නැවතත් අත්අඩංගුවට..

අම්බලන්තොට ප්‍රදේශය තුල හෙරොයින් බෙදා හරිනු ලබන ප්‍රධාන සැකකාරිය වන කුඩු ලොකු අම්මා නැමති කාන්තාව අම්බලන්තොට පොලිසිය විසින් හෙරොයින් මිලිග්‍රෑම් 780 ක් හා හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් හාරලක්ෂ තිස්පන්දහකට අදික ප්‍රමානයක් සමග අද (16)පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මිට පෙර අවස්ථා කීපයකදීම හෙරොයින් ජාවාරම් කිරීම හා විකිණීම යන චෝදනා යටතේ හෙරොයින් සමග අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගතකර තිබේ.

එමෙන්ම 16 දින අත්අඩංවට පත්වීමට පෙරද මාස හතරකට පමණ පෙර මාස හතක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට නිදහස් වීමෙන් අනතුරුවද මෙම හෙරොයින් ජාවාරමේ නියෙලෙන අතර තුර මෙසේ අත්අඩංගුවට පත්වී තිබේ .

අදාල සැකකාර කාන්තාව හෙට ( 17) වන දින හම්බන්තොට අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම අම්බලන්තොට පොලිසියේ ස්ථානාධිපති පො .ප .විජයගුණරත්න මහතාගේ උපදෙස් මත උ .පො .පා එදිරිසිංහ , පො , සැ ,55971 ගුණරතන , පො කෝ . 45091 සිරිපාල ,44716,බුද්ධික , 64082 පුෂ්පකුමාර , 90026 බුද්ධික ,ක ,පො,කෝ ,7674 දීපිකා , 7656 පියුමි , පො ,ආ ,සා ,3130 අරුණශාන්ත යන ය මෙම වැටලීම සිදුකර තිබේ .

(ඡායා රූප-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *