මොණරාගල ගුරුවරයෙකුන් සිසුවියකට තවත් අමුතු වැඩක් – ගමේ කට්ටිය එකතුවෙලා අල්ලලා දීලා..

ගම්වැසියකුගෙන් ලද තොරතුරක්‌ මත මොනරාගල කොලොන්වින්න ගංගොඩගම ප්‍රදේශයේ නිවසක කාමරයක සිටි පාසල් ගුරුවරයකු සහ උසස්‌ පෙළ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක්‌ පෙරේදා (15 දා) මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතිමලේ තුන්සියය කොටසේ පාසලක සේවය කරන සිංහල විෂයට උපකාරක පන්ති පවත්වන විසි නව හැවිරිදි එක්‌දරු පියකු සහ ඇතිමලේ ප්‍රදේශයේ විද්‍යාලයක අ.පො.ස. උසස්‌ පෙළ ඉගෙනුම ලබන අවුරුදු දහ අටයි මාස හතක්‌ වයසැති දැරියකි.

විත්තිකාර ගුරුවරයා අවුරුදු හතරක පමණ කාලයක සිට මෙම ශිෂ්‍යාව සමග අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර මීට පෙර අවස්‌ථාවලදී ගුරුවරයාගේ කොලොන්වින්නේ ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන විත් ලිංගික අතවර කර ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

පෙරේදා (15 දා) පාසල් ශිෂ්‍යාව පොත්පත් මිලදී ගැනීම සඳහා මොනරාගල නගරයට පැමිණ ඇත. එම අවස්‌ථාවේදී ගුරුවරයා මුණගැසී ත්‍රීවිල් රථයකින් කොළොන්වින්නේ පිහිටි ගුරුවරයාගේ මහ ගෙදරට ගොස්‌ තිබේ. ශිෂ්‍යාව කාමරයකට යවා පසුව ගුරුවරයා මත්පැන් පානය කර ඇයට ලිංගික අතවර කර ඇත.

ගුරුවරයා ගැහැනු ළමයකු සමග නිවසේ සිටින බව දුටු ගම්වැසියකු ඒ පිළිබඳව දුරකථනයෙන් මොනරාගල පොලිසියට දැනුම් දී තිබේ.

ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ මොනරාගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති එම්. ජී. වී. සෙනරත් බණ්‌ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ ගොස්‌ නිවසේ සිටි ගුරුවරයා සහ ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන තිබේ.

ශිෂ්‍යාවගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ගුරුවරයා සමග ඇය වසර හතරක පමණ කාලයක සිට සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය බවත් තමාගේ අකමැත්ත මත අවස්‌ථා කීපයකදී ලිංගික අතවර සිදුකළ බවයි.

අත්අඩංගුවට ගත් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකිරීම සඳහා මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර ඇත.

සහකාර ගුරුවරයා ඊයේ (15 දා) මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොනරාගල නියෝජ්‍ය පොලිස්‌පති ජගත් පලිහක්‌කාර මහතාගේ උපදෙස්‌ පිට මොනරාගල පොලිස්‌ අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ මෙහෙයවීම යටතේ මොනරාගල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක වේහිත දේශප්‍රිය මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ පරීක්‍ෂක එම්. ජී. වී. සෙනරත් බණ්‌ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *