ලිංගික අපචාර චෝදනා ලැබූ ගම්මන්පිලගේ චීවරධාරියා ගැබිණි කාන්තාවකට කැත්තෙන් කොටයි.

සිගිරිය-හේන්වලයාගම ප්‍රදේශයේ කාන්තාවකට විහාරස්ථානයට ධානය රැගෙන ආ අවස්ථාවේ ලිංගික අපයෝජනයක් කල බවට චෝදනා ලබා ඇප මත සිටින පිවිතුරු හෙළ උරුමයේ ක්‍රියාකාරී භික්ෂුවක් වන සීගිරියේ ධම්මින්න හිමි තම විහාරස්ථානයට යාබද ඉඩමක හිමිකරු අතර ඇතිවූ බහින්බස් වීමකදී හිමිනම විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් අටමස් ගැබිණි මවක්,ඇගේ සැමියා සහ සෙහොයුරා බරපතල කැපුම් තුවාල සහිතව අද (15 ) උදේ දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ 35 හැවිරිදි රේණුකා දමයන්ති,අගේ සැමියා වන කොළඹ පොලිස් මුලස්ථානයේ අපරාධ අංශයේ පොලිස් නිලධාරියෙකු වන නුවන් මනෝජ් සේනාරත්න(36 ) හා ඇගේ සොහොයුරා වන බි.බි.විජේසිරි (31 )යන තිදෙනය.

බි.බි.විජේසිරි යන අය විසින් පරිත්‍යාග කල ඉඩමක අදාල විහාරස්ථානය ඉදිකර තිබෙන බව හෙතෙම කියා සිටියේය.එම ඉඩමට යාබදව ඉඩමක වැඩිමල් සොහොයුරිය නිවෙසක් තනාගෙන පදිංචිව ඇත. අද (15 ) උදැසන විහාරස්ථාන භුමිය පිරිසිදු කල හිමිනම විසින් එම අපද්‍රව්‍ය යාබද ඉඩමට දැමීම නිසා දෙපාර්ශවය අතර මෙම බහින්බස්වීමක් සිදුව ඇත.බහින්බස්වීම දුරදිගයමෙන් පසු සීගිරියේ ධම්මින්න හිමි විසින් විහාරස්ථානය තුල තිබු කැත්තක් ගෙනවිත් තම ගැබිණි බිරිඳ ට පළමුවෙන්ම කැත්තකින් පහරදීමත් සමග ඇගේ දරු කුසට එම පහර වැදුණු බවත් තවදුරටත් පහර වලක්විමට තමා උත්සහා දැරීමේදී තමාගේ හිසට පහරක් එල්ලවූ බවත් එම අවස්ථාවේ බිරිදගේ සොහොයුරාට ද කැපුම් තුවාල ලැබූ බවත් පවසයි.

සීගිරිය පොලීසිය මේ සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *