විජි­ත­පුර පන්සලේ පස් ගොඩැල්ල මහා­නාම හිමිගේ සොහො­නද? චෛත්‍යයේ ආකෘ­ති­යද?

කලා­වැවේ සිට තිසා වැවට ජලය ගෙන යන්නට ධාතු­සේන රජ සමයේ ඉදි­කළ පුරාණ යෝධ ඇළ යනු පරිසර හිතකාමී වාරි ව්‍යාපෘ­ති­යක් සඳහා හොඳ උදා­හ­ර­ණ­යකි. මේ ලිපිය වසර එක්ද­හස් පන්සි­ය­ය­කට පෙර නිමවූ මේ යෝධ ඇළ නිම්නයේ මිනිස් ජීවිත­වල අසි­රිය දකි­මින්, ඔවු­නගේ ජන ජීවි­තය, සංස්කෘ­තික බැඳීම්, පාරි­ස­රික සබ­ඳතා සහ නව ප්‍රව­ණතා සාකච්ඡා කෙරෙන සංචා­රක ලිපි පෙළක සිව් වැන්නයි.

යෝධ ඇළේ බැම්ම දිගේ යන්නට අප තෝරා­ගත් ප්‍රවා­හන මාධ්‍ය වූයේ පාපැ­දි­යයි. ලොකු වේග­ය­කුත්, අව­ධා­න­ම­කුත් නොමැති නිසා වට පිට බල­මින් නිද­හසේ වග­තුග විම­ස­මින් යන ගම­න­කට පාපැ­දිය පිටි­ව­හ­ළකි. ජලය සහ කෙටි ආහා­රද, අත්‍යා­වශ්‍ය ඖෂධ ස්වල්ප­යක්ද, අම­තර ඇඳු­මක්ද සහිත බෑග­ය­කුත්, අඟලේ සිති­යම සහිත විශේෂ ඇසු­රු­මක්ද, කැම­රාද කරේ එල්ලා­ගෙන නිවී සැන­සිල්ලේ යන මේ ගමන මටත් චතු­ර­ටත් අපූරු අත්දැ­කී­මකි.

කලා­වැව මංස­න්ධිය පසු­කළ පසු යෝධ ඇළ බැම්ම යළිත් සන්සුන්ය… ඉවුරු තලා අතර පියඹා යන පිළි­හු­ඩු­වෙකු, දිය දෙබෑ කර­මින් පිහිනා යන කබ­ර­ගො­යකු ආග­න්තුක අප දෙස තව තවත් විම­සි­ලි­මත් වෙද්දී, නාන තොටු­පො­ළක දිය නාන තරු­ණි­යන් කිහිප දෙනෙකු අපේ නෙත් මාන­යෙන් මඟ හරි­න්නට උත්සාහ දරන්නේ ලැජ්ජා­වෙනි.

යෝධ ඇළේ බැම්මට ඉහ­ත්තා­වෙන්, මදින් මද උස්ව ඇසෙන යන්ත්‍ර ක්‍රියා­ක­ර­වන හඬකි. එය මහා පරි­මාණ යාන්ත්‍රික වී මෝලකි. ප්‍රදේ­ශයේ දේශ­පා­ල­ක­යෙ­කුද වන මුස්ලිම් ව්‍යාපා­රි­ක­යෙ­කුට අයත් එහි දෛනි­කව වී සැක­සුම් කාර්යය සිදු­කෙරේ. යෝධ ඇළේ ආර­ම්භ­යෙන් කිලෝ­මී­ට­ර­ය­ක­ටත් අඩු දුර­කදි හමු­වන මේ වී මෝල පිහිටා ඇත්තේ යෝධ ඇළේ ඉහ­ත්තා­වෙන් නිසා සමස්ත යෝධ ඇළ­ටම බල­පාන පාරි­ස­රික ගැට­ලු­වක් ආරම්භ වන බව සඳ­හන් කරන්නේ ජාති භේද­ය­කින් තොරව දෙපා­ර්ශ්ව­යේම ගොවීන්ය.

“වී කොටන්න කලින් වතුර ටැංකි­වල දාලා පල් කර­නවා… ඊට පස්සේ තමයි වී කොටන්නේ. කෙටු­ව­හම එකතු වෙන දහ­යියා පොතු ගිනි තියලා අළු විදි­යට ඉවත දානවා. වී පල්ක­රන වතු­රත් ඉවත දානවා. මේ දෙකම එකතු වෙන්නේ යෝධ ඇළට… ඇත්ත­ටම කිව්වොත් හිතා­ම­තාම එකතු කර­නවා… ප්‍රමි­ති­යෙන් යුතු කර්මා­න්ත­ශා­ලා­වක නම් මේ අප­ද්‍රව්‍ය නිසි ක්‍රම­වේ­ද­ය­කට ඉවත් කරන්න ඕන. ඒත් මෙතන එහෙම වෙන්නේ නෑ…”

“මේ අප­ද්‍රව්‍ය එකතු වුණ­හම දව­සක් විතර යන­කම් නාන්න­වත් ඇළට බහින්න බෑ… ඇඟ කස­නවා… වතුර ගඳයි… සතෙ­ක්වත් බොන්නේ නෑ…”

මේ ගැට­ලුව අදාළ ව්‍යාපා­රි­කයා හැර සෑම ගම්වැ­සි­යෙ­කු­ටම දැනු­ණද ව්‍යාපා­රි­ක­යාගේ සිවිල් බල­යත්, දේශ­පා­ලන සබ­ඳ­තාත් නිසා ඔහුට විරු­ද්ධව පෞද්ග­ලි­කව පැමි­ණිලි කිරී­මට කිසි­වෙක් ඉදි­රි­පත් නොවෙති. පසුව අපට හමුවූ අම­ණ­ක්ක­ට්ටුව ගොවි සමි­තියේ ලේකම් හිමංසු බණ්ඩාර ඇටි­පොළ මහතා ගෙන් කළ විම­සී­ම­කදී ඔහු පැවැ­සුවේ දිගින් දිග­ටම ගොවි සමිති හා සංවි­ධාන මඟින් කළ දැනු­ම්දී­ම්ව­ලට අනුව ප්‍රදේ­ශයේ සෞඛ්‍ය බල­ධා­රීන් මේ පිළි­බඳ දිගින් දිග­ටම මැදි­හත් වන බවයි.

යෝධ ඇළ දිගේ තවත් කිලෝ­මී­ට­ර­යක් පමණ යද්දී ඇළට ඔබ්බෙන් නැඟී­සි­ටින ශිඛර දෙක­කින් යුතු කන්දකි. වහ වහා අඟලේ සිති­යම ගෙන වඩාත් හොඳින් පරික්ෂා කළේ කඳු­ගැ­ටය හඳු­නා­ගනු පිණි­සය. සිති­ය­මට අනුව අප දැන් සිටින්නේ විජි­ත­පුර විහා­රය අස­ලය. පසු­බි­මෙන් පෙනෙ­නුයේ විජි­ත­පුර කන්දයි. එහි උස් ශිඛ­රය දහ­යි­යා­ග­ලයි.

අපි ආස­න්න­තම පාල­ම­කින් එතෙ­රව විජි­ත­පුර රජ­මහා විහා­රය වෙත ගියෙමු. අප එහි යන විට ඉරු­දින දහම් පාසල අහ­වර වූවා පමණි. විහා­රා­ධි­කාරී පල්ලේ­හි­ඟුරේ වජි­ර­ඥාන හිමියෝ එහි වැඩ සිටි­යහ.

“ඉස්සර යෝධ ඇළට මුහු­ණලා තමයි පන්සල තිබ්බේ… යෝධ ඇළේ බැම්ම දිගේ ඇවිල්ලා තමයි පන්ස­ලට ගොඩ­වුණේ… සුද්දා පාර කැපුවේ විහා­රය පිටි­ප­ස්සෙන්, පන්සල් බිම දෙකඩ කර­ගෙන. මෙතැන එළාර රජ­තු­මාගේ බළ­කො­ටු­වක් තිබුණු තැනක්. හැබැයි ඒක ප්‍රධාන විජි­ත­පුර බළ­කො­ටු­වද, අතුරු බළ­කො­ටු­වක්ද කියන එක විවා­ද­යක්… ඒත් බළ­කො­ටු­වක්, සංඝා­වා­ස­යක්, ආරාම සංකී­ර්ණ­යක් විදි­යට අතී­තයේ වරින් වර යුග­ව­ලදී විජි­ත­පුර විහා­රය වැද­ග­ත්වෙලා තියෙ­නවා…”

සුවි­සල් බෝ රුකක්, රුව­න්වැලි සෑයේ හැඩ­යට සමාන නමුත් ප්‍රමා­ණ­යෙන් කුඩා චෛත්‍ය­යක්, මෑතදි ඉදි­කළ බුදු මැදු­රක්, ධර්ම ශාලා­වක්, දේවාල සංකි­ර්ණ­යක්ද ඇති විජි­ත­පුර විහා­රයේ පැරණි ගොඩ­නැ­ගිලි නට­ඹුන් රාශි­යක්ද හඳු­නා­ගත හැකිය. නිර­න්ත­ර­යෙන් වන්ද­නා­ක­රු­වන් පැමි­ණෙන ජනා­කීර්ණ විහා­ර­යක් වන එහි අප යන­වි­ටද වන්ද­නා­ක­රුවෝ සිය­ය­කට ආසන්න පිරි­සක් ආග­මික වතා­වත් වල නියැළී සිටි­යහ.

“රටේ සශ්‍රී­ක­ත්වය නිරූ­ප­ණය කරන්න තමයි දුටු­ගැ­මුණු රජ­ජු­රුවෝ ස්වර්ණ­මාලි සෑය බැන්දේ…යුද්දෙට ගිහින් මැරුණු ආබා­ධිත වුණු සිංහල දෙමළ මිනි­ස්සු­න්ගෙ­නුත්, විනාශ වුණු වැව්, අමුණු, කුඹුරු වගේ දේපළ වෙනු­වෙ­නුත් ජාති­යෙන් සමාව ගන්න තමයි මේ චෛත්‍යය හැදුවේ… මෙතැන විහා­ර­යක් හැදෙන්න කලින් බහි­රව ඇද­හිල්ල කෙරුණු තැනක් විදි­ය­ටත් විශ්වාස කර­නවා… දුටු­ගැ­මුණු රජ සම­යට පෙර අව­ධියේ නිර්මා­ණය වුණ බවට විශ්වාස කෙරෙන සඳ­කඩ පහන්, මුර­ගල් මේ බිමේ දකින්න පුළු­වන්… ඉසු­රු­මු­ණි­යෙත්, විජි­ත­පු­ර­යෙත් විත­රයි බහි­රව රූප සහිත මුර­ගල් දකින්න පුළු­වන්…”

අරාම සංකී­ර්ණයේ නට­ඹුන් මැදින් උන්ව­හන්සේ අප කැඳ­වා­ගෙන ගියේ පැරණි විහාර ගෙය දෙස­ටය. මහ­නු­වර යුගයේ ඉදි­කි­රී­මක් යැයි විශ්වාස කරන එම විහාර ගෙය දැන් අත­හැර දමා ඇත. ඒ අස­ලම පැරණි කැසි­කි­ළි­ගල් ගණ­නා­වකි. රජ සමයේ ඉදි­කළ පැරණි ළිඳකි.

“වන්ද­නා­කා­රයෝ අතර මේ විහා­රය ජන­ප්‍රිය කඩු ගෑ ගල නිසා…එළාර දුටු­ගැ­මුණු යුද්ධ­යට යන්න සෙබළු කඩු මුවත් තියලා තියෙන්නේ ඒ ගලේ අතු­ල්ලලා…”

අඩි හයක් පමණ දිග කඩු ගෑ ගල පළ­ලින් අඩි එක හමා­රක් පමණ වේ. එහි මතු­පිට ගෙවී ගොස් සුම­ටව ඇත්තේ කඩු මුව­හත් තැබූ නිසා යැයි විශ්වාස කෙරේ. වෙනත් ස්ථාන­යක සිට විහාර භූමි­යට රැගෙන එන්නට ඇතැයි සිතිය හැකි එම ගල් පතුර දැන් ප්‍රද­ර්ශ­න­යට තබා ඇත්තේ ලෝහ­මය වැට­කින් ආව­ර­ණය කරන ලද ස්ථාන­ය­කය.

මහා­නාම හිමි­යන් යනු දේශීය ඉති­හා­සයේ මිහිඳු හිමි­යන් ට පසු හමු­වන වැද­ගත්ම භික්ෂු චරි­ත­යයි. අනා­ගත පර­පු­රට දැන­ගැ­නීම පිණිස විවිධ මූලා­ශ්‍ර­ව­ලින් ලබා­ගත් සංක්ෂිප්ත අතී­තය අඛ­ණ්ඩව ගලා යන පරිදි ලිඛි­තව සට­හන් කොට තැබීම ඇර­ඹුවේ උන්ව­හ­න්සේය. අද අප මූලාශ්‍ර ලෙස ගන්නා ‘මහා­වං­ශය’උන්ව­හ­න්සේය. ඥාතී­ත්ව­යෙන් ධාතු­සේන රජුගේ මවගේ සොහො­යුරා වන උන්ව­හ­න්සේට ධාතු­සේන රජුගේ පුත් මුග­ලන් කුමරු විසින් සීගි­රි­යට සමි­පව විහා­ර­යක් පූජා කරන බව ඉති­හා­සයේ සඳ­හන්වේ. උන්ව­හ­න්සේගේ සොහොන යැයි සැල­කෙන චෛත්‍ය­යක් පිදු­රං­ගල විහා­රය ආශ්‍රි­තව හමුවේ.

“මෙන්න මෙතැන තියෙන්නේ පස් කන්දක්… හැබැයි ඔය පස් කන්ද ගැන මත දෙකක් තියෙ­නවා… එකක් තමයි ධාතු­සේන රජ­තු­මාගේ මාම­ණ්ඩිය වුණු ‘මහා­නාම’ හාමු­දු­රු­වන්ගේ සොහොන විදි­යට… කලා­වැව හදන අත­ර­තුර මහා­නාම හිමි­යන් අප­වත් වුණු නිසා ඒ ආශ්‍රිත විහා­ර­යක මිහි­දන් කළ බවට ජන­ශ්‍රැ­තියේ තියෙ­නවා. අනෙක තමයි, දුටු­ගැ­මුණු රජ­වු­ණා­යින් පස්සේ විජි­ත­පුර චෛත්‍යයේ පෙර සැල­සුම විදි­යට. විහා­ර­මහා දේවිය ඇවිත් මේ සැල­සුම ස්ථීර කළා­යින් පසුව චෛත්‍යය ගොඩ නැංවීම ඇරැ­ඹුණා කියන එක. මේ දෙකෙන් නිවැ­රදි දේ මොකද්ද හොයන එක බාර පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වට. ඒත් අවු­රුදු ගාණ­කින් මෙපිට මෙහෙට පුරා­වි­ද්‍යා­වෙන් ඇවිත් කිසිම සංර­ක්ෂ­ණ­යක් කරලා නෑ.”

මෙම පස් පිර­වුම තුළ ඇත්තේ මහා­නාම හිමි­යන්ගේ සොහො­නද, විජි­ත­පුර විහා­රයේ චෛත්‍යය ආකෘ­ති­යද යන්න නිවැ­ර­දිව දැන­ගැ­නී­මට අයි­තිය ලාංකික ජන­තා­වට පවතී. ඒ නිසා කිසිදු සංර­ක්ෂ­ණ­ය­කින් තොරව හුද­ක­ලාව විහාර බිමේ පව­තින මෙම ස්මාර­කය ගැන සොයා බලා එහි වැද­ග­ත්කම මතු­කර ගන්නට පුරා විද්‍යා බල­ධා­රීන් කට­යුතු කළ­යු­තුය.

අප මීළ­ඟට යෝධ ඇළෙන් එතෙ­රව යළිත් බැම්ම දිගේ ඉදි­රි­යට ගොස් පිවිසු‍ණේ අම­ණ­ක්ක­ට්ටුව ගම්මා­න­ය­ටයි.

එහිදී අපට හමු­වූයේ දියර කිරි ඇසු­රු­මක් සිය යතුරු පැදියේ තබා­ගෙන නිවෙ­සට පැමි­ණෙන තරු­ණ­යෙකි. ඇළ අද්දර යතු­රු­පැ­දිය නැවැත්වූ ඔහුගේ සුදා­නම ඇළට පැන නාග­න්න­ටය. අප ඔහු හා කතා­වට වැටෙ­න්නට උත්සහ දැරුයේ යෝධ ඇළ ආශ්‍රි­තව කිරි ගව කර්මා­න්තය කෙරෙ­න්නේ­දැයි විමසා දැන­ග­න්න­ටය.

නමින් නිශාන්ත රත්න­ම­ලල වන වයස අවු­රුදු විසි අටක තරු­ණ­යෙකි. අම­ණ­ක්ක­ට්ටුවේ පදිං­චි­ක­රු­වෙකි.

“දැන් යෝධ ඇළේ පදිංචි වුණාට අපේ මුල් ගම් වැව ඉහ­ත්තාවේ. සුද්දගේ කාලේ තමයි මෙහෙට පදිං­චි­යට ඇවිත් තියෙන්නේ. ඒත් මහ­වැලි ව්‍යාපා­ර­යෙන් යොධ ඇළේ ගම්වල කිරි­පට්ටි කරන එක නතර කෙරෙව්වා. ඒ නිසා අපේ හරක් කොටු දැන් තියෙන්නේ වැව ඉහ­ත්තාවේ පරණ ගම්වල. අපට එළ හරක් පන­හක් විතර, මි හරක් අසූ­වක් විතර ඉන්නවා. දව­ස­කට කිරි ලීටර් 50ක් 60ක් ගන්නවා.”

වියළි සම­යේදී නැවුම් තණ­කොළ හිඟය නිසා කිරි අස්වැන්න අඩුය. කිරි අස්වැන්න දෙගුණ වන්නේ වැස්සෙන් පසු හොඳින් දලු වැඩෙන සම­ය­ටය. කිරි ව්‍යාපා­රි­ක­යෙකු යෝධ ඇළේ දී හමු­වු­වද යෝධ ඇළ අවට කිරි ගව ව්‍යාපා­ර­යන් හඳු­නා­ගත නොහැක්කේ මහ­වැ­ලි­යෙන් පනවා ඇති තහ­නම නිසාය.

“කිරි ලීට­ර­ය­කට රුපි­යල් 65ක් විතර ගෙව­නවා. පවු­ල­ටම කාලා බීලා ජිව­ත්වෙන්න පුළු­ව­න්ක­මක් අපිට තියෙ­නවා. මේවගේ කිරි­පට්ටි සිය­යක් විතර කලා­වැව වටේට තියෙ­නවා.”

යෝධ ඇළ ඉස්මත්තේ ගව පාල­නය තහ­නම් කිරී­මට මහ­වැ­ලිය ගත් තීර­ණය කෙටි කාලී­නව හොඳ එකක් වුවද, දිගු කාලී­නව එහි අහි­ත­කර බල­පෑම් දැන් මතුව තිබේ. ඒ ගැන අපට අද­හස් දැක්වූයේ අම­ණ­ක්ක­ට්ටුව ගොවි සමි­තියේ ලේකම් හිමංසු බණ්ඩාර ඇටි­පොල මහ­තාය.

“ඉස්සර යෝධ ඇළෙන් එහා පැත්ත පිට්ට­නිය වගේ ලස්ස­නයි. අපි පොඩි කාලේ සෙල්ලම් කර­නවා. මොකද හරක් බඳින නිසා. දැන් ඒ පැත්තෙන් වැවෙන තණ­කොළ, කංකුං වගේ දේවල් ඇළ මැද­ටම පැති­රිලා. සම­හර තැන්වල ඇළ සම්පූ­ර්ණ­යෙන්ම වැහිලා තියෙන්නේ කංකු­න්ව­ලින්. ගිය අවු­රුද්දේ නාවික හමු­දාවේ ශ්‍රම­දා­න­ය­කින් තමයි ඇළේ වැවිච්ච වල් පැළ උදු­රලා දැම්මේ. ඒකට ඩීසල් විය­දම දුන්නේ අපේ සමි­ති­යෙන්. සමිති විය­දම් නොක­ළොත් මහ­වැ­ලි­යෙන් මහා පරි­මා­ණි­කව විය­දම් කරලා වල්පැළ අයින් කරන්න ඕන. මොකද සොරො­ව්වල මේවා හිර­වු­ණ­හම නිය­මිත වතුර ප්‍රමා­ණය කුඹු­රු­ව­ලට ලැබෙන්නේ නැතිව යනවා. හරක් හිටියා නම් උන් ඕවා කාලා දානවා. එත­කොට අම­ත­රව සුද්ධ කරන්න දෙයක් නෑ. දැන් යෝධ ඇළ බැම්මේ තණ­කොළ කප­න්නත් විය­දම් කරන්න ඕන. ශ්‍රම­දාන දාන්න ඕන. ආයෙ­මත් සීමා­ස­හි­තව හරි ගව පාල­න­යට අව­සර ලැබෙ­නව නම් මේ කර­දර අඩු­වේවි.”

යෝධ ඇළ රැකිය යුත්තේ නීති­ව­ලින්ද, නැත­හොත් අව­බෝ­ධා­ත්මක හැසි­රී­මෙන්ද යන්න බල­ධා­රින් තීර­ණය කළ යුතුව තිබේ. එක් ස්ථාන­ය­කින් තවත් තැන­කට ජලය රැගෙන යන වාරි ඇළ­කට එහා ගිය සංස්කෘ­ති­යක් යෝධ ඇළේ තිබේ. පමාවී වුවද හඳු­නා­ගත යුතුව ඇත්තේ ඒ සංස්කෘ­ති­යයි. වසර එක්ද­හස් පන්සි­ය­යක් පැරණි යෝධ ඇළ තවත් වසර දහස් ගණ­නක් ජීව­මාන කළ හැක්කේ ඒ හඳු­නා­ගැ­නීම මතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *