ජිනීවාහි කොටින්ගේ දැවැන්ත විරෝධතාවය මැදට දේශපේ‍්‍රමී ලාංකිකයෝ යති.. රිදෙන්නම කියති..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට LTTE හිතවාදී කොටි ඩයස්පෝරාව ඊයේ සවස දැවැන්ත උද්ඝෝෂණයක් සහ රැළියක් සංවිධානය කර තිබුණි.

යුරෝපය පුරා විවිධ රටවලින් බස් රථවලින් 2000ක පමණ පිරිසක් එම අවස්ථාවට රැගෙන විත් තිබුණි.

ශ්‍රී ලංකාවේ හමුදාව සිදු කළ සමුලඝාතනයට දඩුවම් ලබා දෙන ලෙසත්, මියගිය කොටි විරුවන්ගේ පවුල් වලට වන්දි ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක වූ 30/1 යෝජනාවලිය සම්පුර්ණයෙන් ක්‍රියාවට නංවන ලෙසත් ඔවුහු සටන් පාඨ කියමින් බල කළහ.

ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ පිරිසක් මහාචාර්ය චන්න ජයසුමන සමග එම අවස්ථාවට පැමිණ ඔවුන්ගේ ක්‍රියාකාරකම් රූගත කර ශ්‍රී ලංකාවේ සිට පැමිණි කොටි හිතවාදීන්ගේ ජායාරූප ලබා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *