නිවසේ නැති අතරේ සුරූපී බිරිඳ තම සහෝදරයා සමග පැවැත් වූ අනියම් සබඳතාව අතටම හසුවීමෙන් ඉන්දික සියල්ලන්ගේ අවසානය තීරණය කල හැටි..

කෝල් වලින් සහ එස්.එම්.එස්. වලින් කල කී දෑ අතටම අහු වුණා
බිරිඳට නොදන්වා ගෙදර ඇවිල්ලා

හෝමාගම පදිංචි මධුවන්ති ජයකොඩි විවාහ වන්නේ පිටිපන මොරගහහේනේ පදිංචි සුභාෂ් ඉන්දික සමගින්. මේ වනවිට දෙදෙනාම 32වන වියේ පසු වූ අතර දෙදෙනා අතර නොයෙක් අවස්ථා වල මාස පහක පමණ සිට විවිධ අඩ දබර ඇති වන්නට විය.

බිරිඳ තම වැඩිමහල් සොහොයුරු සමග ප්‍රේම සබඳතාවයක් ඇති කරගෙන ඇති බවට කන වැටුණු පසු ඔහු තම බිරිඳ ගැන විමසිල්ලෙන් පසුවිය.

බිරිඳ තම සොහොයුරා සමග දුරකථන ඇමතුම් එස්.එම්.එස්. මගින් දුරකතනයේ රැඳී සිටින අයුරු ඉන්දිකගේ උකුසු ඇසට හසුවීමට වැඩි කල ගත වුනේ නැත.

මේ ගැටුම් විටින් විට පොලීසය දක්වා ගිය අතර පොලිසිය අවවාද හමුවේ ඔවුන් පොලිසියෙන් පිටව ගියේ සියලු අමනාප අතහැර දමන බවට පවසමින්.

පසුව මේ ගැන සිය බිරිඳට කරුණු පැහැදිලි කර දී තම සහෝදරයා සමග තිබෙන සබඳතාව අතහැර දමන ලෙස ඉන්දික බිරිඳට කරුණු පැහැදිලි කර ඇය අත තිබු ජංගම දුරකථනය ඔහු සතු කරගෙන තිබෙනවා.

මෙලෙස කාලය ගතවෙද්දී ඉන්දික විසින්ම ” ඔය මේ ෆෝන් එක ගන්න තනියම ගෙදර ඉන්නකොට කම්මැලි ඇතිනේ හැබැයි ආයේ නම් වැරදි කරන්න එපා” ලෙස පවසමින් නැවත සිය බිරිඳට දුරකථනය ලබා දී ඇත.

යලි දුරකතනය ලැබීමත් සමග මධුවන්ති සහ ඉන්දිකගේ සොහොයුරා අතර ප්‍රේමය දළු ලා වැඩෙන්නට වූ අතර ඉන්දික හමුදාවේ සේවය කල අතර මධුවන්ති හෝමාගම ප්‍රෙදේශයේ ඉන්ධන පිරවුම් හලක ලිපිකාරිනියක් ලෙස සේවය කළා.

යලි සිය සහෝදරයා සමග අනියම් සබඳතාවය සිය බිරිඳ ආරම්භ කර ඇති බව ඉන්දිකට හසු වූ අතර ඔහු පසුගිය 12වෙනිදා නොදන්වා නිවසට පැමිණි අතර එහිදී සිය බිරිඳගේ දුරකථන ඇමතුම් හුවමාරුව ඔහුගේ අතටම හසුවිය. එදින ආරවුලක් හටගත් අතර ඊට ප්‍රථම ඉන්දික සිය දරුවන් දෙදෙනා අසල නිවකට ඇරලවන්නට ක්‍රියා කල අතර එය හොඳ පෙරනිමිත්තක් නොවන බව බිරිඳට වැටහෙන්නට නැත.

අනතුරුව යක්ෂාවේශ වූ ඉන්දික මේ අඩ දබරය අතරතුර කුඩා වංගෙඩියේ තිබු මෝල්ගහෙන් මධුවන්තිට පහරක් එල්ල කළේය. එම දරුණු ප්‍රහාරයෙන් මධුවන්ති සිහිසුන්ව අද වැටුණු අතර ඇය ප්‍රකෘති තත්වයට පත්වෙන බව පෙනිණි. ඇය නැගිටින්නට උත්සහ කරනු දුටු ඉන්දික ඇය අසළට ගොස් ගෙල වයරයකින් සිරකොට අසරණ දරු දෙදෙනාට මව් සෙනෙහස අහිමි කළේය.

නිවස ඉදිරිපිට කොට්ටම්බා ගහ අසලට ගිය ඉන්දික සිය ජීවිතයේ අවසන් ගමන් යාමට තීරණය කල අතර ඉන්දික ගෙලා වැළලාගෙන සිටින අයුරු දුටු අසල්වාසීන් ඔහු බේරාගෙන හෝමාගම මුලික රෝහලට ඇතුලත් කල අතර ඔහු රෝහලට රැගෙන යන අවස්ථාවේදී මම මධුවන්ති මැරුවා යැයි පවසන්නේය.

මෙය ඇසූ ගම්වාසීන් නිවසට ගොස් බලන විට මධුවන්ති අවසන් ගමන් ගොසිණි. රෝහල්ගත කල ඉන්දිකගේ ජීවිතය බේරුනු අතර පොලිසිය විසින් ඔහුව වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කෙරිණි. පසුව මේ සිද්ධිය මුල සිට අගට ඉන්දික විසින් පාපොච්චාරණය කළේය.

නමුත් දෙමාපිය විරෝධය මැද මේ විවාහය කරගත් බවත් තම දුව මේ නරුමයා විසින් ඝාතනය කල බවත් මධුවන්තිගේ මව චෝදනා කලේ සියලු වැරදි ඉන්දික පිට පටවමින්. මේ අසම්මත ප්‍රේමය ගැන පොලිසිය ඉන්දිකගේ සහෝදරයගෙන්ද දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *