‘‘මේවා බලන් ඉන්න එක හරිම වේදනාකාරියි‘‘ – ඉන්දියානු ක්‍රිකට් රසිකයින් රසල් ආනල්ඩ්ගෙන් පලි ගනී..

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයට පහත වැටී ඇති අයුරු දක්නට ලැබීම දැඩි වේදනාකාරි බව විස්තර විච්රක රසල් ආනල්ඩ් පවසයි.

ඊයේ (17) ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රීලංකා කණ්ඩායම ලද අවමන් සහගත පරාජය පිළිබඳව සිය ටිව්ටර් ගිණුමේ අදහස් දක්වමින් රසල් ආනල්ඩ් මේ බව පවසා තිබේ.

මේ අතර ඊයේ ලද පරාජයත් සමගින් රසල් ආනල්ඩ්ගේ ට්විටර් ගිණුමට ඉන්දීය ක්‍රිකට් රසිකයන්ගෙන් දැඩි ප්‍රතිචාර එල්ලවෙමින්ද තිබේ.

ආනල්ඩ් පසුගිය කාලයේම ඉන්දීය කණ්ඩායම හාස්‍යට ලක්කරමින් ට්විටර් පණිවුඩ යොදා තිබූ අතර ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රීලංකා පිල ලැබූ පරාජයෙන් පසුව බොහෝ ඉන්දීය ක්‍රිකට් රසිකයින් ආනල්ඩ්ගේ ටිවටර් ගිණුමේ හාස්‍යජනක ප්‍රතිචාර ලබා දී ඇති අයුරුද දැකගන්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *