රූමස්සල කන්දට ගිහින් ලිංගිකව හැසිරෙන්න ආවේ නෑ කියා පාසල් සිසුවෙක් පාසල් පෙම්වතියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දාලා!..

සිය පාසල් පෙම්වතියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරි පාසල් පෙම්වතෙකු පිළිබද පුවතක් වාර්තා වෙනවා.

වින්දිත පාසල් සිසුවිය වයස අවුරුදු 16 ක්‌ හා මාස 07 ක්‌ වියෑති දැරියක්‌ වන අතර ඇය ගාලු නගරයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන සිසුවියකි. 17 හැවිරිදි පාසල් සිසුවාද පාසල් සිසුවාද ගාල්ල නගරයේ පිහිටි පාසලක ඉගෙනුම ලබයි. මෙම පාසල් සිසුවිය හා සිසුවා අතර ප්‍රේම සම්බන්ධතාවක්‌ තිබී ඇති බව අනාවරණය වී ඇත. පසුව මොවුන් දෙදෙනා ගාල්ල ධර්මපාල උද්‍යානයට පැමිණ කථා බස්‌ කරමින් සිට ඇත.

මෙහිදී නිදහසේ කතා කිරීම සඳහා රූමස්‌සලට යැම සඳහා පාසල් සිසුවා විසින් පාසල් සිසුවියට යෝජනා කොට ඇත. ඒ අනුව පාසල් සිසුවිය ද කැමැත්තෙන් පාසල් සිසුවා සමඟ රූමස්‌සලට ගොස්‌ ඇත. පසුව දෙදෙනා රූමස්‌සල කඳු වැටිය පහළට ගොස්‌ ඇති අතර පාසල් සිසුවා විසින් පාසල් සිසුවිය අපයෝජනයට ලක්‌ කොට එම දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝගත කොට ඇත. මේ අයුරින් පසුගිය අගෝස්‌තු මාසයේ දින හතරක්‌ මෙම පාසල් සිසුවා සිසුවිය රූමස්‌සලට ගොස්‌ ඇති බැව් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මුල්දින දෙක තුළ පාසල් සිසුවිය කැමැත්තෙන් පාසල් සිසුවා සමඟ රූමස්‌සලට ගොස්‌ ඇත.

යළි පාසල් සිසුවා විසින් රූමස්‌සලට යැම සඳහා පාසල් සිසුවියට කතා කොට ඇත. එහිදි පාසල් සිසුවිය ඒ සඳහා අදිමදි කොට ඇත. රූමස්‌සල යැම සඳහා තමන් සමග නොපැමිණියහොත් අසැබි වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පාසල් සිසුවා විසින් පාසල් සිසුවියට පවසා ඇත. එමෙන්ම මෙම දර්ශන තම මිතුරන්ට ලබාදෙන බවද පාසල් සිසුවා විසින් එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් පාසල් සිසුවියට දන්වා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මේ අනුව සිසුවියගේ පාර්ශවයෙන් ගාල්ල පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක්‌ සිදු කරනු ලැබීය. පාසල් සිසුවියක්‌ අපයෝජනයට ලක්‌කොට එම දර්ශන වීඩියෝගත කොට අන්තර්ජාලයට මුදාහැර, ලිංගික කටයුතු කිරීමට පාසල් සිසුවියට දිගින් දිගටම ඇවිටිලි කිරීම යන චෝදනාව යටතේ පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *