තෙල්වල පාඩුව දුම්රිය දෙපාර්මේන්තුවෙන් ගෙවන්න වෙයි – රියැදුරුගෙන් ප්‍රකාශයක් ලබා ගනී.

වන අලි රංචුවක් දුම්රියක ගැටීමෙන් හබරණ සහ පලූගස්වැව අතර ප‍්‍රදේශයකදී ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අනතුරට ලක්වූ දුම්රිය ඩීසල් සහ පෙට‍්‍රල් රැගෙන කොලොන්නාව නිමාවේ සිට මඩකලපුව තොග තෙල් ගබඩාව දක්වා ප‍්‍රවාහන වූ එකක්. වන අලින් 04 දෙනෙකු මෙම අනතුරෙන් මිය ගියා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ අනතුරට ලක්වූ දුම්රියේ රියදුරුවරයාගෙන් දැනටමත් මේ පිළිබඳ ප‍්‍රකාශයක් ලබා ගෙන ඇති බවයි. මෙම දුම්රිය පැයට කිලෝ මීටර් 40කට වඩා අඩු වේගයකින් ධාවනය කළ යුතු එකක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම අනතුරෙන් අපතේ ගොස් ඇති ඉන්ධන ප‍්‍රමාණය ලීටර් 48,000කට ආසන්නයි. එහි අලාභය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට සිදුවනු ඇතැයිද දුම්රිය සාමාන්‍යාධිකාරවරයා පැවසුවා.

මේ අතර අනතුරෙන් පසු මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ. හානි වූ දුම්රිය මාර්ගයේ අලූත්වැඩියාවන් බොහෝ දුරට අවසන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *