බස් ගාස්තු ඉහළ යාම ස්ථිරයි…! හෙට මධ්‍යම රාත්‍රියේ සිට යළි බස් ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි…

හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට යළි බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා. බස් සංගම් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා අද (19) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

ඒ අනුව හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට 4%න් බස් ගාස්තුව ඉහළ නංවන අතර අවම ගාස්තුව වන රුපියල් 12 හි කිසිදු වෙනසක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *