ඔබේ අනාගත ස්මාර්ට් ෆෝන් එක බවට VIVO V 11 Pro පත්කර ගත යුතු හේතු දහයක් මෙන්න…!

තාක්ෂණයේ විශාල පෙරලියක් ඇති කරමින් ජංගම දුරකතන ලොව නව්‍ය අත්දැකීම් සහ සේවාවන් රැසක් පාරිභෝගික ජනතාවට ලබාදුන් Vivo සමාගමේ නවතම නිෂ්පාදනය වන Vivo V11 Pro ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා.

පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය වූ V මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකතන පෙළේ නවතම හඳුන්වාදීමක් වන මේ සඳහා AI තාක්ෂණයෙන් බලගන්වනු ලැබූ විශේෂාංග රැසක් ඇතුලත් කර තිබීම විශේෂත්වක්. එසේම ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වාදුන් In display fingerprint sensor සහිත ජංගම දුරකතනයද මෙය වීම විශේෂත්වයක්.

මේ දුරකතනය හඳුන්වා දීමත් එක්ක බොහෝ දෙනා Vivo V11 Pro දුරකතනය ගැන ලොකු උනන්දුවක් දක්වන ආකරය දැක ගන්න ලැබුනා. ඒ නිසාම ඔබේ අනාගත ස්මාර්ට් දුරකතනය බවට Vivo V11 Pro දුරකතනය පත්කරගත යුත්තේ ඇයිද යන්න පිළිබඳව අපි සොයා බැලුවා.

ලංකාවේ ප්‍රථම වරට In display fingerprint

ගොඩක් වෙලාවට අපි පාවිච්චිකරන ස්මාර්ට් ජංගම දුරකතනයේ fingerprint Scanner එක පිහිටලා තියෙන්නෙ භෞතික නිමාවකින් යුතුව. මෙතෙක් කල් ජංගම දුරකතනයේ පිටුපස හෝ ඉදිරිපස පහළ කෙළවරේ ස්ථානගත කර තිබුණු fingerprint Scanner එක වෙනුවට ඔබ කිසි දිනක නොසිතූ අන්දමින් දුරකතන තිරය තුලම fingerprint Scanner එක ස්ථානගත කරන්නට Vivo සමාගම සමත් වෙලා තියෙනවා. මේ නිසා කිසිම අපහසුතාවයකින් තොරව ඔබේ දුරකතනය Unlock කරගන්න පුළුවන්කම Vivo V11 Pro තුලින් ඔබට ලැබෙනවා.

සිනමා ශාලාවක ඉන්නවා වගේ

FullView ™ දර්ශණය සහිත අඟල් 6.41 සුපිරි AMOLED තිරය නිසා සුපිරි සිනමා ශාලාවක ඉන්නවා වගේ වීඩියෝ බලන්න,චිත්‍රපට බලන්න Vivo V11 Pro දුරකතනය ඔබට පහසුකම් සළසනවා. ඒ වගේම සුපැහැදිලි වර්ණ සහිත 19: 5: 9 දර්ශන අනුපාතය නිසා ඔබට සුපිරි අත්දැකීමක් විඳගන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා.

සුපිරි නිමාව

ජංගම දුරකතනයක් මිලදී ගනිද්දි ගොඩක් දෙනා බලන්නෙ එහි නිමාව. ඒ නිසාම භාවිතයට ඉතා පහසු නිමාවකින් යුතුව 157.9 x 75 x 7.9 mm /Plastic frame, glass body සහිතව නිර්මාණය කර තිබෙනවා.

ඕන කළුවරක Face unlock

සාමාන්‍යයෙන් වර්තමානයේදී භාවිතා වන බොහෝ ස්මාර්ට් ජංගම දුරකත වලට Face unlock සඳහා තරමක ආලෝකයක් අවශ්‍ය වනවා. නමුත් V11 Pro Face unlock සඳහා අධෝරක්ත ආලෝකය භාවිතා කරන නිසා අඳුරු අවස්ථාවන්හිදී පවා ක්ෂණිකව දුරකථනය unlock කරගන්න පුළුවන්.

සෙල්ෆි ගහන්න 25 MP කැමරාවක්

ස්මාර්ට් දුරකතනයක් මිලදී ගනිද්දි ඉදිරිපස කැමරාව ගැන බොහෝ දෙනා උනන්දුවක් දක්වනවා. ඒ නිසා සිය පාරිභෝගිකයින්ට ගෙවන මිලට ඉහල වටිනාකමක් දෙමින් 25 MP සෙල්ෆි කැමරාවකින් යුතුව Vivo V11 Pro දුරකතනය නිර්මාණය කර තිබෙනවා. ඉතා සුපැහැදිලි ඡායාරූප ගන්න වගේම 1080p@30fps වීඩියෝ කරන්නත් මේ තුලින් ඔබට පුළුවන්.

ගේම් ගහන්නත් සුපිරි තාක්ෂණය

octa-core Qualcomm Snapdragon 660AIE chip එකක් සහ 6 GB RAM එකක් සහිත නිසා Vivo V11 Pro දුරකතනය ඔස්සේ ඉතා පහසුවෙන් Game Play කරන්න ඔබට පුළුවන්. ඒ වගේ දුරකතනයේ අන්තර්ගත සුමට වර්ණ නිසා දුරකතන තිරය දෙස බලාගෙන සිටිද්දී ඔබ දෑස් වලටත් අපහසුතාවයක් ඇති නොවීම විශේෂත්වයක්.

ලස්සන වැඩි කරන AI Face Shaping Technology

AI Face Shaping තාක්ෂණය නිසා ඔබ ලබා ගන්නා පුද්ගල ඡායාරූප වල ලස්සන වැඩි කරගන්න පුළුවන්. Vivo AI හි අන්තර්ගත මුහුණු ආකෘති තුලින් ඔබේ මුහුණු සියුම් වෙනස්කම් හඳුනාගනිමින් මුහුණේ ස්වාභාවික අලංකාරය වැඩි කරන්නට කටයුතු කරනවා.

සුපිරි කැමරා පද්ධතිය

12 MP, million photosensitive ඒකක මිලියන 24 කින් යුතු f/1.8, 1/2.8 කැමරාව සහ 5 MP ද්විත්ව කැමරාවකින් යුතු සුපිරි කැමරා පද්ධතිය නිසා අති සුපැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ අත්දැකීම විඳගන්න ඔබට පුළුවන්.

ඔයාගෙ පෙනුමට Fun emoji හදන්න

සමාජ ජාලා හරහා අපි නිතර කතා කරන emoji වලින් ඔබ්බට ගොස් වීඩියෝ කෝල් ගැනීමේදී ඔබේ පෙනුමට සමාන emoji නිර්මාණය කරගන්න Vivo V11 හරහා ඔබට අවස්ථාව උදාවෙනවා. ඒ තුලින් ඔබේ ඉරියව් වෙනස් වන ආකාරයට ඔබේ මුහුණට සත්ව පෙනුමැති විවිධ ලක්ෂණ එකතු කරමින් මිතුරන් සමඟ වෙනස්ම වූ අත්දැකීමක් විඳගන්න ඔබට අවස්ථාව ලැබේවි.

Vivo’s AI assistant සමඟ හැමදෙයක්ම සරලව

Google assistant අත්දැකීම ගැන ඔබ හොඳින්ම දන්නවනෙ. ඒ වගේම Vivo සමාගම හඳුන්වාදෙන AI Assistant සේවාව වන Jovi Assistant සමඟ ඔබේ දෛනික ජීවිතය පහසු කරගන්න ඔබට පුළුවන්. විශේෂයෙන්ම මේ තුලින් කාළගුණික අනාවැකි, ඔබේ ශරීර සෞඛ්‍යට අදාල තොරතුරු වගේ දේවල් පහසුවෙන්ම දැන ගන්න පුළුවන්.

Vivo V11 Pro ස්මාර්ට් ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවස්තාවේ සහ දුරකතනයේ විශේෂාංග ඇතුලත් වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *