පොලිස්පති ගැන කියා ඇමති ෆොන්සේකා මාධ්‍යට දෙහි කපයි – පොලිස්පති කියන්නේ සුවිශේෂී චරිතයක්..මාධ්‍ය කියන විදියට කරන්න ගියොත් කාටවත් රැකියා කරන්න වෙන්නෙ නෑ..‘‘..

පොලිස්පතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වා තිබෙනවා. ඒ අද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුවයි.

එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරි දේ විකෘතර කරමින් නොයෙක් අර්ථකථන ලබාදෙන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.,

“පොලිස්පති කියන්නේ සුවිශේෂී චරිතයක්. චෝදනා තියෙනවානම් අනිවාර්යයෙන්ම පරීක්ෂණ පවත්වලා ඒ වගේ හරි තීරණයකට යන එක දෙපැත්තටම හොඳයි. චෝදනා එල්ල කරන අයටත් හොඳයි චෝදනාවලට ලක්වෙන අයටත් හොඳයි. චෝදනා එල්ල කරන පළියටම තනතුරුවලින් ඉවත් කරන්න බෑ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. චෝදනා එල්ල කරන අයගේ පසුබිම මොකක්ද, ඒ අයගේ පැටිකිරිය මොකක්ද කියලා යම් යම් ප්‍රශ්ණ සහගත තත්ත්වයන් ඇතිවුණ වෙලාවන් තියෙනවා.(පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා) තාම එහෙම කියලා තියෙනවා කියලා නම් අපිට දැනුම් දීලා නෑ.

චෝදනා එල්ල වුණාට මදි ඔප්පු වෙන්න ඕන. නැත්නම් එක එක්කෙනා මඩ ගහන තරමට, එක එක්කෙනා ඇඟිල්ල දිගු කරන තරමට මේ රටේ මාධ්‍ය නොයෙක් අර්ථකථන දිදී හරි දේ විකෘති කරලා ප්‍රකාශ කරන තරමට මේ රටේ ඉන්න කට්ටිය අයින් කරන්න ගියානම් කාටවත් රැකියාවක් කරන්න බැරිවෙයි. වගකිමක් දරන්න බැරිවෙයි. ඒක නිසා ඒවා ඒ ආකාරයෙන්ම පිළි ගන්න බෑ අපිට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *