ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනුවෙන් මහේල ජයවර්ධනගෙන් ආයාචනයක්.. තීරණය ඔබ සතුයි….

ආසියානු කුසලානයේ ලද දරුණුතම පරාජයෙන් පසුව ශ්‍රි ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රෙක්ෂකයා සතු අවසන් පක්ෂපාතීත්වයත් ගිලිහී ගියා.. ශ්‍රි ලංකා පන්දුරකින්නන්ගෙ හා පිතිකරණ ලයිස්තුවේ අති දුර්වල ක්‍රීඩා විලාශය ඔවුන් මුහුණ දුන් ප්‍රථම තරග දෙකේදීම වඩාත් කැපී පෙනන කරුණක් වුනා.. ලැබූ පරාජයත් සමග ඉච්ඡාභංගත්වයට පත් වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝලීන් සමාජ ජාලා මාධ්‍ය ඔස්සෙ සිය කළකිරීම හා පීඩනය පිටකරන ආකරය බහුලව දැකීමට පුලුවන් කරුණක් වුනා.. ශ්‍රි ලංකා ක්‍රීඩකයන් සම්බන්ධයෙන් එල්ලවූ විනය විරොදී චෝදනා නිසාවෙන් ශ්‍රි ලංකා ප්‍රේක්ෂකාගාරය පරාජය වඩාත් විවේචනය සිදුකිරීම පුදුමයට කරුනක් නෙමේ..

කෝටී ගනන් පඩි ගන්න, අංක එකේ පුහුනුකරුවන් යටතෙ පුහුණුවන ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ගෙන් වගකීම් විරහිත ක්‍රීඩාවිලාශයක් පෙන්වනවා නම් එය විශාල ප්‍රශ්නාර්ථයක්.. නමුත් ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ටුවිටර් පණිවිඩයක් යොමුකරමින් හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන පවසා සිටියේ මෙවන් දෙයක්..

සමාජ මාධ්‍ය ජාලා දිහා බැලුවම තනිකරම විහිලුවක්.. එහි ඇත්තෙ විවේචනය පමණයි.. ඔව්.. ඔවුන් ක්‍රීඩා කලේ ඉතාමත් දුර්වල විදිහට.. නමුත් එය පෞද්ගලිකව අරගන්න එපා එය ක්‍රීඩාවක්.. ඉදිරියට යාමට නම් අවශ්‍ය විසඳුම් සෙවිය යුතුයි..

නමුත් ඔහුගෙ එම ටුවිටර් පණිවිඩයට දෙශීය හා විදෙශිය වශයෙන් විවේචනාත්මක පිළිතුරු එල්ලවී තිබුනී.. ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා රටාව උපුටා දක්වමින්..
එයින් පසුව ඔහු පවසා සිටියේ මෙවන් දෙයක්..

“මට තේරුම්ගන්න පුලුවන් ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ඉච්ඡාභංගත්වය.. මමත් එම ප්‍රේක්ෂකයන්ගෙන් කෙනෙක්.. අප ඔවුන්ට මෙ මොහොතේ වැඩි සහයෝගයක් දිය යුතුයි.. ”
කෙසේ හෝ ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයාගේ වේදනාව පිලිබඳ විවෙනයක් නැත.. ක්‍රිකට් ක්‍රීඩකයන් වඩාත් සිතිය යුතුය.. ඔවුන් නියෝජනය කරන්නෙ රට යනදේ අවබෝධයේ තිබියම යුතුය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *