‘උත්සව වලදි හැසිරෙන විදිය ලොකු ප්‍රශ්ණයක්..ඉස්සර මෙහෙම නෑ..‘ – පොලිස්පතිගේ හැසිරීම ගැන තීරණයක් ගැනීමට ආණ්ඩුව සැරසෙයි..

පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකාලාපයන් පිළිබඳව එකඟ නොවන බවත් ඔහුගේ හැසිරීම් හා ක්‍රියාකාලපයන් පිළිබඳව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බවත් සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරාත්න මහතා පවසයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඇතැම් උත්සව අවස්ථාවන්හිදි පොලිස්පතිවරයා හැසිරුනු ආකාරය පිළිබඳ පසුගිය සමයේ කතාබහට ලක්වූ අතර මේ පිළිබඳව සඳහන් කරන ආමාත්‍යවරයා පවසන්නේ ඔහුගේ ඇතැම් ක‍්‍රියාකලාපයන් ගැන තමන්ද එකඟ නොවන බවත් ඔහු පෙර මේ ආකාරයෙන් හැසිරුණු අයෙකු නොවන බවත්ය.

කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඉදිරියේදී බොහෝ විට තීරණයක් ගැනීමට ඉඩ ඇති බවද ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *