ජවිපෙට අවස්ථාවක් ලැබෙන්නේ නෑලු..

තමන් ඉදිරිපත් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම ජනමත විචාරණයක් පවත්වා ජනතාවට පවරා දිය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කරන යෝජනාවට වෙනත් දේශපාලන කණ්ඩායම් විවිධ ප‍්‍රතිචාර දක්වනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පැවසුවේ මෙය අධිකරණයේදී ලබන පරාජය වසා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ දරණ උත්සහයක් බවයි.

ජාතික හෙළ උරුමය ද පවසන්නේ ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට පෙර මෙම කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍ය බවයි. එහෙත් එවැනි අනුමැතියක් ඊට නොලැබෙනු ඇතැයි ද ඔවුන් පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මේ බව සඳහන් කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණෙන් ද විමසීමක් කළා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර පෙන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ උත්සහ ගනිමින් සිටින්නේ ඉතිහාසයේ වසා දැමූ හිඩැස් යළි මතු කර ගැනීමට බවයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පරාජය කිරීම සඳහා ජාතික නිදහස් පෙරමුණ සෑම උත්සහයක්ම ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *