නව සුඛෝපභෝගී දුම්රියක්..

විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට ධාවනයට එක් කිරීමට ශී‍්‍ර ලංකා දුම්රිය සේවය කටයුතු කර තිබෙනවා. ඒ, ගල්කිස්ස සහ රඹුක්කන අතරයි. උදෑසන 08.30ට ගල්කිස්සෙන් පිටත් වන දුම්රිය රඹුක්කනට ළඟා වන්නේ උදෑසන 10.11 ටයි. එය යළි රඹුක්කන දුම්රිය ස්ථානයෙන් සවස 04.30ට ගල්කිස්ස බලා පිටත් වනවා.

ප‍්‍රවේශ පත‍්‍රයක ගාස්තුව රුපියල් 3,000ක්. දේශීය මගීන්ටද මෙම විශේෂ දුම්රියේ ආසන වෙන් කර ගත හැකි බවයි ශී‍්‍ර ලංකා දුම්රිය සේවය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *