පඩිය ලක්ෂ 5යි! මධූෂ්ගේ ප්‍රධාන වෙඩික්කරු සියල්ල වමාරයි! ඉදිරි සැළසුම් ගැනත් හෙළිකරයි!..

ඩුබායිහි සැඟවී සිට මෙරට මත්ජාවාරම් හා විවිධ අපරාධ සිදුකරවන ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ මෙරට ප්‍රධාන වෙඩික්කරුවකු වූ කලුවන් මධුෂාන් ආබෘ නැමැත්තා අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් කොටු කරගෙන තිබෙනවා.

ඔහුව රඳවා තබා ගැනීමේ නියෝගමත ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසන්නේ.

වැල්ලම්පිටියේ ගැනුම්කරුවෙකු වෙත මොහු මත් කුඩු ලබා දීමට සුදානම් වූ බවට අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු අල්ලාගෙන ඇත්තේ.

2018.07.08 දින ජම්පටා වීදියේදී ගිතා හා රාජා යන අඹු සැමි යුවලට වෙඩි තැබීම, 2018.08.03 දින මෝදර තැපැල් කාර්යාලය අසලදී කුඩුකන්නා නැමැති අපරාධකරුගේ පියාට වෙඩිතැබීම යන සිද්ධිවල ද වෙඩික්කරු ලෙස තමා කටයුතු කළ බවට මොහු පොලීසියට පාපොච්චාරණය කර ඇති අතර ඒ බව CCTV දර්ශනවලින් ද තහවුරුකරගෙන ඇති බව සඳහන්.

මෙම පුද්ගලයා අලුත්ගම සංජීව සහ අහුන්ගල්ලේ ලොකුපැටි නැමැති අපරාධකරුවන් සමග ද කටයුතු කර ඇති බවත් සංජීව සහ ලොකුපැටි යනු පිලියන්දලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ රංගජීවට වෙඩි තැබූ පුද්ගලයන් බවත් පවසනවා.

තමාව යොදාගෙන සිදු කළ අපරාධ වෙනුවෙන් මාකඳුරේ මධූෂ්ගෙන් තමාට ලක්ෂ පහ බැගින් ලැබුණු බවත් මධූෂ් විදේශයන්හි සිට දුරකතනය හරහා ඊට අදාළ උපදෙස් ලබා දෙන බවත් සැකකරු පොලිසියට කළ පාපොච්චාරනයේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම මධූෂ් විසින් සැලසුම් කර ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඝාතන කිහිපයක තොරතුරු ද මොහු හරහා හෙළි වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *