පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොලිසියට චෝදනාවක්..

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් පහරදීමෙන් මියගිය බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා.

ඥාතීන් චෝදනා කරන ආකාරයට අතුරුගිරිය පොලිසියේ පහරදීමෙන් මෙලෙස මියගොස් ඇති බවට සඳහන් වන්නේ මාළඹේ කහංතොට ප්‍රදේශයේ පුද්ගලයෙක්.

මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් දේහය අතුරුගිරි මාළඹේ ප්‍රධාන මාර්ගයේ, අරංගල ප්‍රදේශයේ තබා විරෝධතාවක නිරත වී ඇති අතර එහිදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *