සමුගැනීම හා ලෝක කුසලාන තරගාවලිය ගැන රංගනගෙන් ප‍්‍රකාශයක්….

එළඹෙන එංගලන්තයේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමන් ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ,දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඊයේ (20) පැවති ලෝක කුසලානය මෙරටට ගෙන එම සම්බන්ධයෙන් පැවති උත්සවයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් පැවසීය.

එසේම මෙහිදි ලෝක කුසලානයට මෙරටට ගෙන එමට ක්‍රීඩකයින්ට හැකියාවක් ලැබේවා යැයිද මෙහිදි සුභ පැතුම් එක කර සිටියේය.

හේරත් මාධ්‍ය වෙත කළ ප්‍රකාශය.

“ඔව් ඉතාමත් වැදගත් තරගාවලියක් තමා ඉදිරියේදි පැවැත්වෙනනේ එංගලන්තයත් සමග,මම හිතන්නේ මුලින් එක්දින තරඟ ක්‍රීඩා කරනවා ඊට අමතරව ටෙස්ට් තරඟත්, ඉතින් විශේෂයෙන් බලන්න ඕනා අපි කොහොමද කණ්ඩායමක් හැටියට තරඟ ජයගහ්‍රණය කරන්න එ සැලසුම් හදා ගන්නේ කොහොමද කියලා,මම හිතනවා අසියානු කුසලානයෙන් පස්සේ නැවතත් එකතු වෙලා,එ සඳහා අවශ්‍ය කටයුතු මෙ වේදිදත් කරගෙන යනවා,අපි මෙ වෙද්දිත් දැනටමත් පුහුණූවිම් කරගෙන යනවා,අපිට ඉතාමත් හොඳ තරඟාවලියක් එළඹෙනවා,එකට සුදානම් වෙන එක තමා කරගෙන යන්නේ.

ඔව් මම ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කරලා තියනවා,එ තරගාවලියෙන් පස්සේ.ඉතින් මම හිතනවා එක හොඳ තිරණයක්,මගේ කාලයත් එක්ක බලද්දි,මම හිතනවා එක තමා හොඳම කාලය,ඉතින් මගේ උපරිමයෙන් එ තරගාවලියේ දක්ෂතා දක්වන්න තමා මගේ බලාපොරොත්තුව.

ලෝක කුසලානයකට සහභාගී වෙනවා කියන්නේ අනගි අවස්ථාවක්,එකින් ඵල ප්‍රයෝජන ලබා ගන්න බලන්න ඕනා,විශේෂයෙන් අවුරුදු 04 ක සැරයක් තමයි අපිට එ අවස්ථාව ලැබෙන්නේ,ඉතින් මං මගේ හදපත්ලෙන්ම අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පතනවා,මෙ එළඹෙන ලෝක කුසලානය ඉතාමත් හොදින් ක්‍රීඩා කරලා නැවතත්,අපේ රටට ලලෝක කුසලානයක් ලබා දෙන්න එ ක්‍රීඩකයින්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *