“නායකත්වයෙන් ඉවත් වූ මැතිවුස් කණ්ඩායමෙන්ද හැලෙයි” මැතිවුස්ගේ සමීපතම සංගා – මහේල තවමත් මුනිවත රකියි!..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඇඳ වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බොහෝ කටයුතු කෙරෙමින් සිටින බව වාර්තා වේ. එහි එක් ක්‍රියාමාර්ගයක් ලෙස දිගින් දිගටම අසාර්ථක වූ මෙන්ම බොහෝ චෝදනා එල්ල වූ ඇන්ජලො මැතිවුස් නායකත්වයෙන් ඉවත් කිරීමටද තීරණය කෙරුනා.

මේ අතර බුකිකරුවන්, මුදලට ක්‍රීඩා කරනා විනය විරෝධි කටයුතු වල නියැලෙන සහ තරග පාවා දෙන ක්‍රීඩකයන් පිළිබදව දිගින් දිගටම එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්ද දැඩිව කටයුතු කිරීමට සුදානම් වන බවද කියැවේ. මේ අතර එලබෙන එංගලන්ත සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස සංචිතයන්ගෙන් ඇන්ජලෝ මැතිවුස් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා. මැතිවුස් වෙනුවට කණ්ඩායමට එක්වන්නේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න හෝ වෙනත් ක්‍රීඩකයෙක්ද යන්න තවමත් පැහැදිලි නෑ.

කෙසේ වෙතත් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලො මැතිවුස් වෙනුවෙන් දිගින් දිගටම පෙනි සිටි මැතිවුස්ගේ සමීපතම සගයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඇන්ජලො මැතිවුස් නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබදව තවමත් කිසිදු අදහසක් දක්වා නැහැ.

මැතිවුස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජය වෙද්දී පවා සංගා මහේල මැතිවුස් වෙනුවෙන් ඉදිරිපත් වූවා. ආසියානු කුසලානය අවසානයේ පවා මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා පැවසූවේ කණ්ඩායමට අපහාස කිරීම වැරදි බවය.

කෙසේ වෙතත් ඇන්ජලො මැතිවුස් නායකත්වයෙන් ඉවත් කළ අවස්තාවේ පටන් මේ මොහොත දක්වා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුම් ඔස්සේ එම සිදුවීම පිළිබද අදහස් දක්වා නොතිබීම විශේෂත්වයකි. ඒ වෙනුවට ඔවුන් ආසියානු කුසලානයේ විස්තර විචාරකයන්ගේ තරග පිළිබදව සහ වෙනත් දෑ පිළිබදව අදහස් දක්වා තිබුනා. මහේල සහ සංගා ආන්ජලෝ මැතිවුස්ගේ සමීපතම මිතුරන් වන අතර මැතිවුස්ට නායකත්වය ලබා දීමටද මහේල පෞද්ගලිකව මැදිහත් වූ බවට කියවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *