රැජිණගේ හමුදා පෙළපාලියට තලප්පාව බැඳන් ගිය රාජකීය භටයා ඉවතට..

දෙවැනි එළිසෙබෙත් රැජිණගේ 92 වැනි උපන් දින සැමරුම දිනය දා හිස්වැසුම ඉවතලා තලප්පාව බැඳගෙන රාජකීය පෙළපාලියට සහභාගි වී ඉතිහාසයට එක්වූ සීක් ජාතික රාජ්‍යාරක්ෂක භටයා ධුරයෙන් ඉවත් කිරීමට රාජකීය හමුදාව සූදානම් වෙයි.

රාජකීය හමුදාවේ භටයකු මෙලෙස තලප්පාව බැඳගෙන රාජකීය හමුදාවේ පෙළපාලියට එක්වූයේ පළමු වතාවට ය.

22 හැවිරිදි චරන්ප‍්‍රීට් සිංග් ලාල් නමැති මොහු එම සිද්ධියෙන් ලෝකයේම කතාබහට ලක්වූවද ඔහු ධුරයෙන් නෙරපීමට හේතුවී ඇත්තේ එම කරුණ නොවේ.

පසුගිය සතියේ වික්ටෝරියා බැරැක්කයේ රාජකාරියේ නිරතව සිටියදී රාජ්‍ය ආරක්ෂක භටයන් හදිසියේ පරීක්ෂා කළ අවස්ථාවේදී කොකේන් මත්ද්‍රව්‍ය අධික මාත‍්‍රාවක් ලබාගෙන ඇති බවට ඔහුගේ වෛද්‍ය වාර්තාවෙන් හෙළිවී ඇත.

මේ අනුව මත්ද්‍රව්‍ය ලබාගෙන රාජකාරියේ යෙදීමේ වරදට ඔහුට සිය ධුරය අහිමිවීමට ඉඩ ඇතැයි එරට වාර්තා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *