ඇමරිකාවේ සිටි බැසිල්ව මහින්ද හදිස්සියේ දිවයිනට ගෙන්වයි – හේතුව මෙන්න

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හදිස්සියේ දිවයිනට පැමිණ ඇති බව වාර්තාවෙයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කැඳවීමක් අනුව ඔහු ඊයෙ (25) මෙලෙස දිවයිනට පැමිණ ඇති බව වාර්තාවේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හා සිය පවුලේ සමාජිකයන් සමග කාලය ගත කිරීමට මීට මාස දෙකකට පෙර ඇමරිකාව බලා පිටත්වූ හිටපු අමාත්‍යවරයා යළි දිවයිනට පැමිණිමට තිබුණේ ලබන මස 10 වනදා බව වාර්තාවේ.

කෙසේ වෙතත් දේශපාලන ක්‍ෂේත්‍රයේ මතුව ඇති උණුසුම් තත්ත්වය මත ඒකාබද්ධ විපක්‍ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු වැඩිකිරීමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බැවින් එතෙක් කල් නොසිට ඉතා ඉක්මනින් ලංකාවට පැමිණෙන්නැයි හිටපු ජනාධිපතිවරයා බැසිල් රාජපක්‍ෂ මහතාට පවසා ඇතැයි දේශපාලන ආංරචිමාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *