පාකිස්තානය පරදා බංග්ලාදේශය ආසියානු කුසලාන අවසන් සටනට..

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ, සුපිරි 4 වටයේ අවසන් තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 37ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබි හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 239ක් ලබා ගත්තා.(48.5)

මුෂ්ෆිකර් රහීම් ලකුණු 99යි.

පන්දු යැවීමේ දී ජුනයිඩ් ඛාන් කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.

ඉමාම් උල් හක් ලකුණු 83ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුස්ටෆිසුර් රෙහ්මාන් කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව හෙට(28) පැවැත්වෙන අවසන් තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම, ඉන්දියාව සමගින් තරග වදිනු ඇති.

මෙය බංග්ලාදේශ කණ්ඩායමක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් 3 වන අවස්ථාවයි.

පසුගිය වර පැවැති ආසියානු කුසලාන 20යි 20 තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ ද ඉන්දියාව සහ බංග්ලාදේශය වීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *