උපාය මාර්ග නැතූව බෑ මේක – අංක 3-4 වැදගත් – සංගාගේ හෙළිදරව්ව මෙන්න

ආසියානු කුසලාන තරගාවලියේදී ලද පරාජයත් සමග සංගක්කාර ශ්‍රී ලංකා පිල පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඉන්දියාවේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව පවසා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපාය මාර්ගයන් ගැන යළි සිතා බැලිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

අපට නිවැරදි උපාය මාර්ග තිබෙනවාද යන්න මුලින්ම සිතා බැලිය යුතුයි. අප එම උපාය මාර්ගයන්ට අනුව කටයුතු කරනවද නැත්නම් ඒවා වෙනස් කරනවාද යන්න සොයා බැලීම වැදගත්. තරගාවලියන් වලදී අප ලබන ප්‍රතිපලය වැදගත්, නමුත් අපේ ඉලක්කය විය යුත්තේ 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යි. කණ්ඩායමට ස්ථාවර පිතිකරු පෙළගැස්මක තිබීම වැදගත්.

” පිතිකරුවන් උඩට පහලට ඇදීම තුලින් සිදුවන්නේ ඔවුන්ගේ විශ්වාසනිත්වය බිඳ වැටීමයි. ආරම්භක පිතිකරුගේ සිට අංක 4 දක්වා වන පිතිකරුවන් කවුරුන්දැයි හදුනා ගත යුතුයි. මන්ද ඔවුන් තමයි ඉණිමේ එන්ජිම වන්නේ. අනෙක් පිතිකරුවන් ඔවුන් වටා හිදිමින් සිය ඉණිම ගොඩනැගිය යුතුයි. පිතිකරණ ලැයිස්තුවේ අංක 3 සහ 4 වැදගත්ම ස්ථානයයි. සියලුම බර සිය උරහිස දරන්නේ ඔවුන් විසින්” යැයි සංගක්කාර මෙහිදී පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *