ශ්‍රී ලංකාවේ දොර වැසුණු කුලසේකර ඔස්ට්‍රේලියාවට..

රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඕස්ට්‍රේලියානු 20යි 20 ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

වික්ටෝරියන් සුපර් ස්ලෑම් පන්දුවාර 20යි 20 නමින් මෙවර පළමු වරට පවත්වන අදාළ තරගාවලියේ දී නුවන් කුලසේකර ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ කේසි දකුණු මෙල්බර්න් නම් කණ්ඩායමටයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 20යි 20 තරග 58කට ක්‍රීඩා කර ඇති ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ පසුගිය වසරේ ජූලි මාසයේ දී යි.

2014 පන්දුවාර 20යි 20 ලෝක කුසාලනය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *