සුපිරි ගේමක් දුන් බෙල්ලන්විල කතුන් දෙදෙනා මාට්ටු

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සොයමින් කාන්තාවන් දෙදෙනෙකු අත්තිඩිය සහ බොරලැස්ගමුව ප්‍රදේශවලදී හසුවී ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක් එලෙස වංචා කොට සාවද්‍ය පරිහරණය කර ඇති බව යි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම කාන්තාවන් කොටුකරගැනීමට හැකි වූ බව සඳහන්.

26 සහ 32 හැවිරිදි වියේ පසුවන මොවුන් බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *