හීන පොදි බැඳන් මැදපෙරදිග රැකියාවකට ගිය සංජීවනී කාමාතුරයින් නිසා ලිංගික හිරිහැර රැසකට ගොදුරු වූ හැටි..

“මට තේරුණා එයා මං දිහා අමුතු විදිහට බලන් ඉන්නවා කියලා”
“කරදර වැඩි වුණා එයා කියන කියන විදිහට මට ඉන්න වුණා”
“ලංකාවේ කෙනෙක් තවත් ලංකාවෙම කෙනෙක්ට ඔහොම කරද්දී ගොඩක් දුකයි”

රාත්‍රියට අපි කැමතියි. දහවලට ටිකක් අකමැතියි. ඉරට වඩා අපි හඳට ටිකක් ලඟයි. උදේට වගේම සවසටත් ඒ වගේ.

ගිනිගන්නවට වඩා නිවෙන්නට අපි කවුරුත් කැමතියි. කැමැත්ත අකමැත්ත ගැන අපි කතාකරනකොට අපි කැමති දේවල් බොහොම කැමැත්තෙන් කරනවා.

මේ හැමදේම අපි කරන්නේ අපි හැමෝගෙම හීන වෙනුවෙනුයි. අකමැති දේවල් කැමැත්තෙන් කරපු බලහත්කාරයෙන් හැඟුම් ගණුදෙනු කළ තවත් කතාවක් තමයි මේ.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ “Room No 33” ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 43 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව සංජීවනී ගැනයි.

සංජීවනී කියන්නේ පුංචි කාලේ ඉඳන්ම දුක්විඳපු තරුණියක්. පවුලේ එකම ළමයා වුණු සංජීවනියි අම්මයි පියාගේ බේබදු කම නිසා හුඟක් කරදර වලට ලක්වුණා.

සංජීවනීගේ පියා හම්බකරන සියලු දේම බේබදුකමට විතරයි වියදම් කරන්නේ. පාසල් කටයුතු වගේම ඇගේ මව තමයි සියලු දේම හොයලා බලලා කරන්නේ.

නමුත් එන්න එන්නම පවුලේ ප්‍රශ්ණ වැඩි නිසා වැඩිදුර ඉගෙනීමත් පැත්තකට දාලා විදෙස්ගත වෙන්න ඇය හිතාගන්නවා.

ඉතිං ගෘහ සේවිකාවක් විදිහට නොදන්න රටක වැඩට ගිය සංජීවනීට ඒ ගෙදර අය හොඳින් සැළකුවා. ඒ පවුලට වැඩිමහල් පුතෙකුත් හිටියා.

කාළයක් ගෙවෙනකොට සංජීවනීට තේරුණා ඒ තරුණයා ඇය දිහා අමුතු විදිහට බලනවා කියලා. පසුව ඔහු නිතර නිතර නිතර ඇවිත් සංජීවනිව අතවරයට ලක්කරමින් බලපෑම් කරනවා.. මේ සියළු දේම ගෙදර හාම්පුතාලට ඇයට කියන්නත් බැහැ ඇය ඒ ගෙදර වැඩ කරන නිසා.

නමුත් මේ හැමදේම කියන්න ඇයට ඒ රටේ ලංකාවේ අක්කා කෙනෙක් මුණගැහෙනවා. ඒත් ඇය කියන්නේ හැමදේම ඉවසගෙන් ඉන්න කියලයි.

එන්න එන්නම හාම්පුතාගේ පුතාගෙන් එන කරදර වැඩි නිසා ඇය හිතාගන්නවා ඒ ගෙදරින් පැනලා යන්න. ඒ නොදන්න රටක මුණගැහුණු ලංකාවේ අක්ක කියපු නිසයි.

ගෙදරින් පැනලා ගිහින් ඇයට ඉන්න වුණේ ලංකාවේ තරුණයෙක් හිටපු කාමරයකයි. හාම්පුතාගේ ගෙදරින් එන කරදර ඉවරවෙන්න කියලා හිතාගෙන ආපු සංජීවනීට වුනේ තවත් කරදරයකට මුහුණ දෙන්නයි.

ඒ ලංකාවේ තරුණයාගෙනුත් ඇයට ලිංගික අතවර සිදුවීම. පසුව ඇය එතනිනුත් බේරිලා පැනලා යනවා.

බේරිලා ලංකාවට එන්න වුණත් සංජීවනී සමාජ රෝගයකට ගොදුරු වෙලා කියලා පසුව දැනගන්න ලැබෙනවා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

සංජීවනීගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *