මහ රෑ රාත්‍රී සමාජශාලාවට කඩා වැදුනු පිරිසක් විනෝද වෙමින් සිටි ජනප්‍රිය නලුවාට පිහියෙන් ඇනලා අසාධ්‍යයි..

රංගන ශිල්පි තිලක්‌ ජයවීරට කිසියම් පිරිසක්‌ විසින් පහරදී පිහියකින් ඇන පලාගොස්‌ ඇති බවට වාර්තා වේ. නුගේගොඩ හතේ කණුව ප්‍රදේශයේ ඇති ඔහුගේ රාත්‍රී සමාජ ශාලාවේදී මෙම පහරදීම සිදුව තිබේ. ඊයේ (28) අලුයම 4.00 ට පමණ මෙම සිද්ධිය වී ඇත. බරපතළ තුවාල ලැබූ තිලක්‌ ජයවීර මහතා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ මහතාගේ බඩ ප්‍රදේශයට පිහි ප්‍රහාර 3 ක්‌ එල්ල වී තිබූ බව කළුබෝවිල රෝහල් පොලිසියේ ප්‍රකාශයක් මාධ්‍යයට පවසනවා. ඒ හේතුවෙන් තිලක් ජයවීර මහතාට සැත්කමක්‌ සිදු කිරීමට නියමිතව තිබිණි.

ඔහු සිය රාත්‍රී සමාජ ශාලාව තුළ රැඳී සිටියදී එක්‌වරම කඩා වැදුණු සිව්දෙනකු පහරදී ඇති අතර, එහිදී එක්‌ අයකු අත තිබු පිහියකින් ජයවීර මහතාට ඇන ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි. පලාගිය සැකකරුවන් සොයා පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.

රංගන ශිල්පී තිලක් ජයවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *