“වැඩි වැඩියෙන් බදු, වයින්, චීස් වැනි විදෙස් ආහාරත් ඉවතට, තෙල් මිලත් යළි ඉහළට?” රුපියල රැකගන්න ආණ්ඩුවෙන් දැඩි ක්‍රියාමාර්ග, ජනතාවට පටි තද කරගන්න වෙයි!..

දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකය රැක ගැනීමටත්, අවප්‍රමාණය වෙමින් විනාශ වන රුපියල රැක ගැනීමටත් රජය නව ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සුදානම් වන බව කියවේ.

මේ පිළිබදව අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ඩොලර් සංචිත රැක ගැනීම සදහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් තමන් මුදල් ඇමතිවරයා සමගද සාකච්චා කල බවත් ඔහු සදහන් කලේය.

මේ පිළිබදව අදහස් දක්වන මුදල් අමාත්‍ය මංගල සමරවීර මාධ්‍යයට පවසන්නේ චීස් වැනි ආහාර ද්‍රව්‍ය, වයින් වැනි විදෙස් මත්පැන් වර්ග හෝ ආනයනික මී හරකෙක් වැනි දෙයක් හෝ මිලට ගැනීම නවතා දමන ලෙසයි. හැකිතාක් දේශීය ආහාර වර්ග නිවසේදීම ආහාරයට ගන්නා ලෙසත් මුදල් අමාත්‍යවරයා පවසනවා. මේ අතර එලබෙන දහවෙනිදා නැවතත් ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක වන බවත් එයට සුදානම්ව සිටින ලෙසත් මුදල් ඇමතිවරයා ජනතාවට ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් වත්මන් රජය එකළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලේ දේශීය කෘෂිකර්මාන්යෙන් නිපදවීමට වඩා ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම ලාභදායි ලෙසට උපකල්පනය කර බවත්, හිටපු මුදල් ඇමතිවරයා ජනතාවට සහල් ගොවිතැනෙන් ඉවත් වීමට කී බවත් එහි ඵලවිපාක අද රටම විඳින බවත් සමාජජාලා ක්‍රියාකාරිකයන් මේ පිළිබදව අදහස් දක්වමින් පවසා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *