“සුද්දෙක් ලක්ෂ දහයක් දෙන්න ලෑස්තියි, මට විසිපන්දාහක් දිලා බැංකු ගිණුමක් අරින්න” අසනීප වී සිටි කුරුං ගුරුං උපක්‍රමයකින් රවටා සල්ලි හොරකම් කළ ලෝක හොරෙක්!

ප්‍රවීණ රංගන ශිල්පී කේ. ඒ. පියකරු පිළිබද පුවතක් පසුගිය දිනවල අප වාර්තා කළේය. ඒ ඔහු රෝගාතුර වී එම රෝගයන්ට ප්‍රථිකාර ගැනීමට මුදල් ආධාර සොයා යන පුවතක් ය. කෙසේ වෙතත් එම අසනීප වූ රංගන ශිල්පියා පවා රවටා මුදල් වංචා කළ තිරිසන් ක්‍රියාවක් පිළිබදව නෙත් ගොසිප් වෙත වාර්තා වේ.

මෙලෙසින් දැනට රෝගී තත්ත්වයෙන් පසුවන කෝපි කඩේ නාට්‍යයේ ‘කුරුංගුරුං’ නමින් ප්‍රකට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී කේ. ඒ. පියකරු මහතා රවටා රුපියල් 25,000 ක මුදලක්‌ කිසියම් පුද්ගලයකු වංචනික ලෙස රැගෙන පලාගොස් තිබේ.

රංගන ශිල්පී පියකරු මහතාගේ හෝකන්දර නිවසට පැමිණි පුද්ගලයකු ඒ මහතාගේ රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා රුපියල් ලක්‌ෂ 10 ක මුදලක්‌ පරිත්‍යාග කිරීමට විදේශිකයකු සූදානමින් සිටින බව පවසා තිබේ.

එය ලබාගැනීමට රුපියල් 25,000 ක්‌ වැයකර දුම්වැටි තොගයක්‌ විදේශීය ජාතිකයාට ලබාදිය යුතු බව සැකකරු රංගන ශිල්පී පියකරු මහතාට පවසා ඇත. ඒ අනුව පියකරු මහතා රාජ්‍ය බැංකුවකින් අදාළ මුදල ලබාගෙන ඔහුට ලබා දී තිබේ. අනතුරුව එය ලබාගත් සැකකරු පලාගොස්‌ තිබේ.

78 හැවිරිදි වියේ පසුවන රංගන ශිල්පී පියකරු මහතා දැනට මාස 10 ක පමණ කාලයක සිට ශරීරයේ කොටසක්‌ අප්‍රාණික වීමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳියි. මේ හේතුවෙන් ඔහු ආධාර ඉල්ලා තැන තැන යදිමින් සිටින බවද වාර්තා විය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ අරඹා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *